
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න )
ජලාශවල ජලය මීට පෙර ක්‍රමානුකූලව ඉවත් කළේ නම් මෙතරම් ජීවිත විනාශයක් සිදු නොවන බව සමග ජන බලවේගයේ කෑගලු දිස්ත්‍රික් මන්ත්‍රී කබීර් හෂිම් මහතා පාර්ලිමේන්තුවේදී අද පැවසීය.
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සහ වාරිමාර්ග දෙපාර්තමේන්තුව නොවැම්බර් 12 වෙනකොට මෙවැනි තත්ත්වයක් ඇතිවන බව දැනුම් දී තිබූ බවද ඔහු සඳහන් කළේය.
කබීර් හෂිම් මහතා මෙසේද පැවසීය.
එකවර ගේට්ටු ටික ඇරියම මොකද වෙන්නේ. අන්තිම මොහොත වෙනකන් වතුර ටික යැව්වේ නෑ. එක පාරටම ගේට්ටු ඇරියා. ගම්පොළ නගරයේ දාහක් විතර මැරිලා ඇති. වතුර ටික ටිකෙන් ටික ඇරිය නම් සියයට 75ක් ජීවිත බේරගන්න තිබුණා. දදුරු ඔය වාන් ගේට්ටු ඔක්කොම එක සැරේ ඇරියා. අපරාදේ ජීවිත. ආණ්ඩුව මේක හරියට කළමනාකරණය කළේ නැහැ. වරද්ද ගත්ත නම් දැන්වත් ඒක හරියට කරමු. අපෙත් අත්දැකීම් තියෙනවා මේ ගැන අපිට කතා කරන්න තිබුනා. රජය නිසි වෙලාවට පියවර ගත්තේ නැහැ.ලැජ්ජ වෙන්න එපා. වැරදුණා නම් අපි ඒක හදාගමු.
2025 නොවැම්බර් මස 21
235
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
285
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
1207
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
ලොකු විනාශයක් ඇතිවුණේ ජලාශවල ජලය එකපාරටම යවපු නිසයි
charith Monday, 01 December 2025 11:33 AM
නොදන්න මගුල් කතා නොකර ඉන්නවනම් තම්යි හොද, මොකද අවුරුදු ගානක් කොරපු දේවල් මේ රටේ මිනිස්සු නොදන්නවයෑ...
fairoos Monday, 01 December 2025 11:33 AM
මෙයා නිකං මගුලක් කතා කරනවා දැන්
ගුණරත්න Monday, 01 December 2025 11:40 AM
උන් කවදාවත් තමන්ගේ වැරැද්ද පිළිගත් අය නෙවෙයි, මේකත් පහු ගිය ආණ්ඩු වලට බැනලා අතපිහිදාගනීවී, මම අදත් දැක්කා එකෙක් විජේවීර උපුටාදක්වල තිබෙනවා කඳුකරයේ ජලාශ හැදීම ගැන.
Pankumburage Monday, 01 December 2025 11:43 AM
ඔයගොල්ලො හරියට කරපු නිසා තමයි. රට බංකොලොත් උනේ. යන්න හලෝ යන්න.
jaye Monday, 01 December 2025 11:55 AM
කලින් වතුර ඇරල වැස්සෙ නැත්තන් කියයි, වහින්න කලින් වතුර ඇරිය, ඇයි එහෙම කලේ කියල. ඇට නැති දිවනෙ...