IMG-LOGO

2025 ඔක්තෝබර් මස 19 වන ඉරිදා


ලූවර් කෞතුකාගාරයට හොරු පනිති

(විමුක්ති එස් රුද්‍රිගු)

මොනාලිසා ඇතුළු ලොව සුප්‍රසිද්ධ ඓතිහාසික කෞතුක වස්තු කිහිපයක් තැන්පත් කර ඇති පැරිසියේ සුප්‍රසිද්ධ කෞතුකාගාරයක් වන ලූවර් හි තිබූ නැපෝලියන් සහ ප්‍රංශ අධිරාජිනියගේ මිලකළ නොහැකි ආභරණ එකතුවකින් ආභරණ නවයක් මංකොල්ල කෑමත් සමග එම කෞතුකාගාරය වසා දැමීමට එහි බලධාරීහු කටයුතු කළහ.

කොල්ලකරුවන් ස්කූටරයකින් පැමිණ භාණ්ඩ සෝපානයක් භාවිතා කර ආභරණ තිබූ කාමරයට ළඟාවී ඇති බවත් කුඩා දම්වැල් සහ කියත් භාවිත කරමින් මංකොල්ලය සිදුකර ඇති බවත් වාර්තා විය. ලූවර් කෞතුකාගාරය විවෘත කළ අවස්ථාවේ මංකොල්ලය සිදුව ඇති බවත් විනාඩි හතක් තුළ මංකොල්ලය සාර්ථකව සිදුකර මංකොල්ලකරුවන් පළගොස් ඇති බවත් අනාවරණය වූවේය.

තවමත් සොරකම් කළ භාණ්ඩවල වටිනාකම එරට බලධාරීන් ඇස්තමේන්තු කරමින් සිටින බවත් මංකොල්ලය සඳහා පුද්ගලයන් තිදෙනෙකු පැමිණ ඇති බව හඳුනාගෙන තිබෙන බවත් සඳහන් විය.

මොනාලිසා ඇතුළු ලොව සුප්‍රසිද්ධ ඓතිහාසික කෞතුක වස්තු කිහිපයක් තැන්පත් කර ඇති පැරිසියේ සුප්‍රසිද්ධ කෞතුකාගාරයක් වන ලූවර් හි මංකොල්ලයක් සිදුව ඇති බවට ප්‍රංශ සංස්කෘතික අමාත්‍ය රචිටා ඩාටි එක්ස් සමාජ මාධ්‍යයේ සටහනක් තබමින් ඊයේ(19) පැවැසුවාය.

 



අදහස් (3)

ලූවර් කෞතුකාගාරයට හොරු පනිති

ඇන්ඩෘ සෙබඩවිල Sunday, 19 October 2025 06:35 PM

ඔය සිදුවීම අප රටේ සිදු වුණා නම් ලේසියෙන්ම ඒක රාජපක්‍ෂලාට පටවලා අපේ පොලිසියේ එෆිෂන්සි එකත්, එන්පීපී ආණ්ඩුව පොලිසියේ වැඩට ඇඟිලි ගහන්නේ නැති බවත් පෙන්වන්න අපේ අයට අවස්ථාව තිබුණා.

:       8       4

Neel Sunday, 19 October 2025 07:22 PM

මේ වගේ ගොබ්බ හරක් ඉන්න රටක ආර්ථිකය වර්ධනය කර ගැනීමට ගොඩක් කල් ගතවෙන එක අහන්න දෙයක්ද....

:       1       6

දිනේෂ් Sunday, 19 October 2025 07:34 PM

සෙබඩ, අපිට කන්ගැට්ටගේ සිද්ධිය තවම මතකයි...

:       0       5

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1044 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1078 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 416 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site