IMG-LOGO

2025 මැයි මස 17 වන සෙනසුරාදා


ලිට්‍රො ගෑස්, ගෑස් ටර්මිනල් කෝප් කමිටුව හමුවට

(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)

ලිට්රෝ ගෑස් ලංකා සමාගම සහ ලිට්රෝ ගෑස් ටර්මිනල් ලංකා ( පෞද්ගලික ) සමාගම කෝප් කමිටුවට කැඳවීමටත් රජයේ විගණනයට යොමු කිරීමටත් කටයුතු කරන ලෙස පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව (කෝප් කමිටුව) ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවට උපදෙස් ලබා දුන්නේය.

ශ්‍රී ලංකා රක්ෂණ සමාගමට මෙසේ උපදෙස් ලබා දුන්නේ පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව එහි සභාපති මහාචාර්ය චරිත හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේදී පසුගියදා රැස් වූ අවස්ථාවේදී ය.

මෙම කමිටු රැස්වීම සඳහා අමාත්‍යවරුන්වන මහින්ද අමරවීර, සරත් වීරසේකර, රාජ්‍ය අමාත්‍යවරුන්වන සුසිල් ප්‍රේමජයන්ත, අජිත් නිවාඩ් කබ්රාල් , පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්වන අනුර කුමාර දිසානායක, එස්. එම්. මරික්කාර්, ජගත් පුෂ්පකුමාර, රවුෆ් හකීම් ,ආචාර්ය හර්ෂ ද සිල්වා ,ෂානක්කියන් රාසමාණික්කම්, ප්‍රේමනාත් සී. දොලවත්ත යන මහත්වරු සහභාගි වූහ.

විශේෂයෙන් ආණ්ඩුක්‍රම ව්‍යස්ථාවේ 20 වන සංශෝධනයට අනුව ලිට්රෝ ගෑස් ලංකා සමාගම සහ ලිට්රෝ ගෑස් ටර්මිනල් ලංකා ( පෞද්ගලික ) සමාගම රජයේ විගණනයට ලක් කළ නොහැකි බව සඳහන් කරමින් අධිකරණයට ගොස් තිබෙන බවත් මේ නිසා මෙම ආයතන සම්බන්ධයෙන් සාකච්ඡා කිරිමෙන් වැලකී සිටීම සුදුසු බවත් කෝප් කමිටුවේ සභාපතිවරයා මෙහිදී පෙන්වා දුන්නේය .

රාජ්‍ය විගණනයට ලක් නොවන නිසා මෙම ආයතන දෙක කෝප් කමිටුවට කැඳවීමට අවස්ථාව නොලැබෙන හෙයින් ඒවා සම්බන්ධයෙන් දීර්ඝව සාකච්ඡා කළ නොහැකි බවද ඔහු සඳහන් කළේය .

 



අදහස් (0)

ලිට්‍රො ගෑස්, ගෑස් ටර්මිනල් කෝප් කමිටුව හමුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

MIND සමූහය මාධ්‍ය නිවේදනය.  ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන්  මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය. 2025 මැයි මස 16 141 0
MIND සමූහය මාධ්‍ය නිවේදනය. ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය.

පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ

’’හරිත සරසවියක අසිරිය විඳගන්න”  NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී 2025 මැයි මස 15 88 0
’’හරිත සරසවියක අසිරිය විඳගන්න” NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී

NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1680 3
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

Our Group Site