IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


ලාහුගල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ භාෂා ගැටලුවක්

(ප්‍රියනාත් චන්ද්‍රපාල)

නැගෙනහිර පළාතේ අම්පාර දිස්ත්‍රික්කයට අයත් ලාහුගල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සේවයේ නියුතු වැඩි පිරිසකට සිංහල භාෂාව කතා කිරිමට නොහැකි වීම නිසා එහි සේවය ලබාගැනිමට එන සිංහල භාෂාව කත කරන පිරිස දැඩි අපහසු තාවයට පත්ව සිටිති.

එහි වැඩි පිරිසක් ද්‍රවිඩ භාෂාව කතාකරන නිළධාරීන් බවත් සිංහල මාධ්‍යය හසුරුවන නිළධාරීන් සිටින්නේ ඉතා අතලොස්සක් බව පැවැසෙයි.

මෙහි වැඩි දෙනකුට සිංහල  සිංහල භාෂාව නොතේරෙන බවත් පැවසේ.

මේ හේතුව නිසා ජනතාවට තම ගැටළු ඉදිරිපත් කිරීමේ දී දුෂ්කරතා මතුවන බවද පවසති.

ලාහුගල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයයෙන් සේවා ලබන ජනතාවගෙන් සීයට අනූඅටක් (98%) සිංහල මාධ්‍ය හසුරුවන්නන් බව පැවසේ.

එවැනි ආයතනයකට විශේෂයෙන් පරිපාලන ආයතනයකට භාෂාව නොදන්නා නිළධාරීන් පත් කිරීමෙන් සීයට 98 ක් ජනතාවට සේවා සැපයිය හැකිදැයි ජනතාව ප්‍රශ්න කරයි. 

නමුත් භාෂාව දන්නේ නැත්නම් වැඩක් නැත. මෙවැනි ආයතනවලට ඔවුත් පැමිණීම එම නිළධාරීන්ගේ වරදක් නොව වරද ඇත්තේ නිළධාරින් සුදුසු ස්ථානවලට පත් නොකිරීමයි. මෙවැනි දේ සිදු කරන්නේ ජනතාවට සේවය කරන්නද නැත්නම් වෙනත් අවශ්‍යතා සපුරාගන්න දැයි ජනතාව වැඩි දුරටත් ප්‍රශ්න කර සිටියි.

 



අදහස් (6)

ලාහුගල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ භාෂා ගැටලුවක්

කිරිපුතා Thursday, 13 July 2023 10:47 PM

මේවා අන්තවාදීන් හුරතල් කිරීමට කරන උපක්‍රම .මෙවැනි දේවල් යටින් තියෙන්නේ තදබල අරමුණු . නියපොත්තෙන් කඩා දැමිය හැකි අවස්ථාවක එසේ කඩා නොදැමුවහොත් පසුව පොරොවම අතට ගන්න වේවි.

:       1       8

Bamunuarachchi Friday, 14 July 2023 12:53 AM

මේ දෙමල්ලු සෙට් එක ඉන්දියාවේ ඉපදුනානම් උඹලට අනිවාර්යෙන්ම හින්දි ඉගෙනගන්න වෙනවා.

:       3       8

sam Friday, 14 July 2023 03:07 AM

//ලාහුගල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ භාෂා ගැලළුවක්// ලාහුගල විතරක් නොවෙයි, කොළඹ ඉන්න අයටත් සිංහල බැහැ නේද?

:       1       6

සචින්ත Friday, 14 July 2023 06:45 AM

මෙතන විතරක් නොවෙයි බොහෝමයක් ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල සිටින නිලධාරින් ජනතාව සමග කතාකරන්න කැමැති නැහැ. කොහොම වුණත් මෙවැනි තත්වයක් තිබේ නම් ඒකට ආයතන ප්‍රධානියා වුණත් නිලධාරින් ඉල්ලීම කරන්න ඕනෑ තමන්ගෙ ඔෆිස් එකට අවශ්‍යතාව අනුව මිස ඉහළින් එවනවාටම නොවෙයි. තවත් එකක් දේශපාලුවන් තමන්ගේ අයට තැනක් දීමට මෙහෙම එව්වද කියලා බලන්න වෙනවා. ඇත්තටම ඔය නිලධාරින් දෙවැනි භාෂාව හදාරන්නේ නැද්ද?

:       1       4

himal Friday, 14 July 2023 09:07 AM

ඔය ප්‍රශ්නේ දෙමළ මනුස්සයාට වුණොත්?

:       3       4

විකුම Friday, 14 July 2023 02:05 PM

අනිත් හැම රටකටම යද්දී ඔවුන්ගේ භාෂාව ඉගෙනෙගෙන යන්න ඕනේ... මෙහෙ ඉන්න කිසිම කෙනෙක් එහෙම දේකට බෑ නොකියා යසට ඉගෙන ගන්නවා. හැබැයි මේ රටේ බහුතරයක් ඉන්නේ සිංහල... ඒක ඉගෙන ගනියව් කියන්න කොන්ද තියෙන වැඩපිළිවෙලක් තියෙන නායකයෙක් නෑ. ඒකට බෑ කියන්න එවුනුත් ඕනෑතරම්. ලෝකෙ යමක් අඩුවෙන කොටවත් වටිනාකමක් තියෙනවා. සිංහලයාට ඒකත් නෑ. අමු ජාතියක්. ඉන්න තැනයි, වෙන්ඩ යන දේයි, වැටිලා ඉන්න අමාරුවයි ගැන කිසිම දෙයක් නොදන්න, නොහැඟෙන අමනෝඥ්ඥ ජාතියක්...

:       1       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 487 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 256 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1052 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site