(මොහොමඩ් ආසික් සහ ෂේන් සෙනෙවිරත්න)
වත්තේගම පොල්ගොල්ල මීගම්මනවත්ත ප්‍රදේශයේදී සුළු ව්‍යාපාරිකයකු ලොරි රථයක ලීසින් වාරික නිසි පරිදි නොගෙවූ බව පවසමින් ආදාළ ලීසින් සමාගමේ නියෝජතියන් බව කියන පිරිසක් එම ලොරි රථය අත්පත් කර ගෙන යාමේදී එහි හිමියකරු වන 35 හැවිරිදි තරුණයකු මිය ගොස් ඇති බව ඔහුගේ ඥාතීහු පවසති.
මෙම වාහනය අළුයම පන ගන්වන බව ඇසී නිවසේ නිදා සිට ඇති මෙම තරුණයා මාර්ගයට පැමිණ පරීක්ෂා කිරීමේදී යම් පිරිසක තම වාහනය රැගෙන යන බව දැක ඔහු එම වාහයට ගොඩ වී තිබේ. මිටර් 300 -350 ක් පමණ දුරක් වාහනයේ ගොස් ඇති ඔහු ප්‍රධාන මාර්ගයේ වැටී මිය ගොස් සිටියදී ඥාතීන් සොයා ගනු ලැබ තිබේ.
මෙලෙස මිය ගොස් ඇත්තේ පොගොල්ල මීගම්මනවත්ත ප්‍රදේශයේ පදිංචි ජාලිය කුමාර පරාක්‍රම නැමැති 35 හැවිරිදි අවිවාහක තරුණයෙකි.
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
සීඝ්රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත්රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P
ලීසිං එකෙන් වාහනය උස්සද්දී හිමිකරු මරුට
ජහම්මිනෝ Sunday, 19 June 2022 03:28 PM
ලීසිං කාරයින් ළඟ මනුස්සකම, අනුකම්පාව නෑ. මිනිස්සු මරලා හරි කමක් නැහැ.. වාරිකය ගන්න තමයි බලන්නේ... මිනිස්සු වැටිලා ඉන්න අසරණ තත්වය ගැන කිසිම හැඟීමක් නෑ. පව් අසරණයා.. ඔබට නිවන්සුව ලැබේවා.!
senaSunday, 19 June 2022 06:34 PM
කතාව ඇත්ත. දැන් කොච්චර මිනිස්සු මැරුණාද? මේක නීත්‍යානුකූලව නඩුදාලා උසාවිය මගින් වාහනය කම්පැණියට බාරදෙන්න වැඩපිළිවෙළක් යොදන්න බැරි ඇයි?
jayasekaraMonday, 20 June 2022 09:22 AM
ඔයිට වඩා මනුස්සකම තියනවා තෙල් පෝලිම් වල අසරණ උන මිනිස්සුන්ට කෑම බීම වතුර උගුරක්වත් දෙන මිනිස්සු.ඒ මිනිස්සු නෙමේ මිහිපිට දෙවියෝ
mp Sunday, 19 June 2022 03:51 PM
සීසින් ඕඩර් එක නිකුත් කළ ලිසිං ආයතනයේ නිලධාරියා වහා අත්අඩංගුවට ගන්න. ඔහු අනර්ථකාරී ක්‍රියාවක් සඳහා මුදල් ගෙවා මැරයින් පාවිච්චි කර තිබෙනවා..!
pakeer Sunday, 19 June 2022 05:55 PM
ලීසින් සමාගමේ නම ප්‍රචලිත කිරීම, ජාතික වගකීමකි. වහාම ඔවුන්ගේ නම කියන්න...
SamareMonday, 20 June 2022 02:01 PM
කව්රුත් එකයි. වෙනසක් නෑ. කව්රුවත් සහන කාලයක් දීලා තියෙනවද? නැහැනේ...!
sriyal Sunday, 19 June 2022 06:31 PM
මිනීමැරුමක්...!
මැක්ස් Sunday, 19 June 2022 08:44 PM
ස්වෝත්සාහයෙන් දියුණු වෙන්න උත්සාහ කළ තරුණයෙක්. බැංකු, ෆිනෑන්ස් කොම්පැනි, ෆෝන් කොම්පැනි වැඩ කරන්නේ හිතක් පපුවක් නැති විදිහට. ව්ශේෂයෙන් මේ දුෂ්කර කාලය තමන්ගේ ගනුදෙනුකාරයින් කොහොමද ගත කරන්නේ, ඒ මිනිස්සුන්ගේ ආදායම් අහිමි වෙලා නේද කියන දේ ගැන ඩිංගක්වත් හිතන්නේ නැතුව... නිවන් සුව ලැබේවා..!
sisil Sunday, 19 June 2022 09:38 PM
ලීසිං කාරයෝ කියන්නේ පාතාල කාරයින්ම තමයි. මුලින් සර්... පස්සේ මරනවා.
Gajaba Sunday, 19 June 2022 10:23 PM
මිනිසුනේ, ධාර්මික වෙන්න. පව් සිදු වේවි...!
sharm warn Monday, 20 June 2022 09:11 AM
සාහසික මිනී මැරුමක්