IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


ලොව අර්බුදයට විසඳුම බුදුන් වහන්සේ ළඟ

(යොහාන් භාසුර)

බුදුන් වහන්සේට ප්‍රකාශනයට එහා ගිය විඥානයක් ඇති බවත් බදුන් වහන්සේගේ ඉගැන්වීම් වර්තමානයට මනාව ගැලපෙන බවත් ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා පැවසීය.

ගෝලීය බෞද්ධ සමුළුවට විවිධ ප්‍රදේශවලින් විශාල පිරිසක් පැමිණ සිටීම මනුෂ්‍යත්වය එකම නූලකින් බැඳ තබන බුදුන් වහන්සේගේ ධර්මය නියෝජනය කරන බව ද කී අග්‍රාමාත්‍යවරයා නූතන යුගයේ ගැටලුවලට බුදුන් වහන්සේගේ පැරණි ඉගැන්වීම් හරහා විසඳුම් දෙන බව ද සඳහන් කළේය.

බුදු රජාණන් වහන්සේගේ ධර්මය ප්‍රචාරය කිරීම සඳහා ඉන්දියාව කැපවීමෙන් කටයුතු කර ඇති බව කී අග්‍රාමාත්‍යවරයා ඉන්දියාවේ සහ නේපාලයේ බෞද්ධ පරිසරය සංවර්ධනය කිරීම, සාරානාත් සහ කුෂිනගර් ප්‍රතිසංස්කරණය කිරීම, කුෂිනගර් ජාත්‍යන්තර ගුවන්තොටුපළ සහ ලුම්බිණියේ ඉන්දියානු ජාත්‍යන්තර බෞද්ධ උරුමයන් සහ සංස්කෘතික මධ්‍යස්ථාන ඇති කළ බව ද කීය.

නවදිල්ලි නුවරදී පැවැත්වෙන ගෝලීය බෞද්ධ සමුළුවේ සමාරම්භක දේශනය පවත්වමින් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා එසේ පැවසීය.

ඉන්දීය රජය ජාත්‍යන්තර බෞද්ධ සම්මේලනයේ සහයෝගීතාවයෙන් මෙම දෙදින වැඩමුළුව සංවිධානය කරයි.

මෙම සමුළුව බෞද්ධයන්ගේ අවශ්‍යතා පිළිබඳ ගෝලීය බෞද්ධ දහම් නායකත්වය සහ විද්වතුන් සම්බන්ධ කර ගැනීමටත්, ඒවා සාමූහිකව ආමන්ත්‍රණය කිරීමට ප්‍රතිපත්තිමය යෙදවුම් ඉදිරිපත් කිරීමටත් දරන ප්‍රයත්නයක් වන අතර මෙම සමුළුවට ශ්‍රී ලංකාවේ පූජ්‍ය පක්ෂය සහ නිලධාරීන් ඇතුළු ලොව පුරා කීර්තිමත් විද්වතුන්, බෞද්ධ නායකයින් සහ ධර්ම වෘත්තිකයන් සහභාගි වී සිටිති.



අදහස් (0)

ලොව අර්බුදයට විසඳුම බුදුන් වහන්සේ ළඟ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 487 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 258 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1054 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site