IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


ලංවිම වෘත්තීය සමිති නායකයන් 62 කට සියලු දීමනා ලැබෙයි

(යොහාන් භාසුර)

ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගතකරණයට  එරෙහිව පසුගිය වසරේ අඛණ්ඩ විරෝධතාවයක් පැවැත්වීම හේතුවෙන් වැඩතහනම් කර දිමනා සහ වරප්‍රසාද අහිමි කළ එම මණ්ඩලයේ වෘත්තිය සමිති නායකයන් 62 කට අහිමි වූ සියලුම දීමනා සහ වරප්‍රසාද සමඟින් අද (26) නැවත සේවයේ පිහිටවූ බව එම මණ්ඩලයේ උසස් නිලධාරියෙක් පැවසීය.

එම වැඩ තහනම් කිරීමෙන් පසුව ඔවුන්ට විවිධ දීමනා සහ වරප්‍රසාද අහිමි කරමින් ස්ථාන මාරු ලබා දී තිබූ බවත් එම සිද්ධිය හේතුවෙන් පැනවූ සියලුම දඬුවම් වලින් නිදහස් කර ඔවුන් නැවත සේවයේ පිහිටු වූවූ බවත් එම නිලධාරියා කීය.

බලශක්තිය අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි මහතා විදුලිබල මණ්ඩල මූලස්ථානයේදී එම වෘත්තිය සමති නායකයන් අද (26) හමුවිය.



අදහස් (4)

ලංවිම වෘත්තීය සමිති නායකයන් 62 කට සියලු දීමනා ලැබෙයි

pj Friday, 27 December 2024 01:37 AM

සිස්ටම් චෙන්ජ් සමග පුනරැදය නත්තල් සේල්.....

:       0       52

Nishan Friday, 27 December 2024 03:23 AM

ලංවිම කඩාකප්පල්කාරයෝ අඳුනගන්න හොඳම අවස්ථාව මේ. මෙයාලා නිසා තමයි විදුලිබිල අඩු කරන්න බැරි.

:       0       58

Lalla Friday, 27 December 2024 07:35 AM

ඒ කියන්නේ නැවතත් මහජන පීඩාව පටන්ගන්නවා කියල නේද? පඩි දීමනා නිවැරදිව මනු කියවන දීමනාව ..තව මොනවද.. ගස්වල අතු කපන දීමනාව අවුරුද්දට නත්තලට සමාගම්වලින් ගන්න දීමනාව...කැඩුන මීටර් මාරු නොකර සිටීමට දීමනාව...හදිසි විදුලිය මිලදී ගැනීමට දීමනාව... මහජනයාට නැති කොතරම් දේ තියෙනවද?

:       0       71

casmir Friday, 27 December 2024 12:12 PM

හොඳ පියවරක් 62 සංගමය / අපට වැඩි වැඩියෙන් වෘත්තීය සමිති නායකයින් අවශ්‍ය වන්නේ කිසිවක් නොකර වැටුප් ගන්නා සහ පාර්ලිමේන්තුවට යාමට එය සුදුසුකමකි.

:       0       32

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 590 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 291 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1092 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site