(යොහාන් භාසුර)
ලංකා විදුලිබල මණ්ඩලය ඉන්ධනවලින් නිෂ්පාදනය කරන විදුලිය හෙවත් ‘තාප විදුලය’ සඳහා සිල්ලර මිලට ඉන්ධන මිලදීගැනීම නිසා වාර්ෂිකව රුපියල් බිලියන 56 ක් හෙවත් රුපියල් කෝටි 5,600 ක පමණ පාඩුවක් වන බවත් තාප විදුලිය නිෂ්පාදනයට සහන මිලට ඉන්ධන ලැබෙන්නේ නම් විදුලි ගාස්තුව සියයට 11 කින් අඩු කළ හැකි බවත් මහජන උපයෝගිතා කොමිසමේ උසස් නිලධාරියෙක් ‘ලංකාදීප’යට පැවසීය.
මහජන උපයෝගිතා කොමිසම මාස හයකට රුපියල් බිලියන 28 ක් බැගින් බිලියන 56 ක පාඩුවක් ඇති බව උපදේශන වාර්තාවක් හරහා විදුලිබල මණ්ඩලය දැනුවත් කර ඇති බවත් එයට ප්‍රතිචාරයක් මේ දක්වා ලැබී නොමැති බවත් එම නිලධාරියා කීය.
තාප විදුලි නිෂ්පාදනය සඳහා ඩීසල්, නැප්තා සහ දැවිතෙල් පාවිච්චි කරන බව කී එම නිලධාරියා විදුලිය නිෂ්පාදනය සඳහා ඩීසල් විශාල ප්‍රමාණයක් ජනතාව ඉන්ධන පිරවුම්හලෙන් ගන්නා මිලටම විදුලිබල මණ්ඩලය ගන්නා බව ද සඳහන් කළේය.
ලංකා ඛනිජ තෙල් සංස්ථාව පිරිවැය ආවරණය කරගන්නා මිලකට විදුලිය නිෂ්පාදනය සඳහා ඉන්ධන සපයන්නේ නම් විදුලිබල මණ්ඩලයට වාර්ෂිකව රුපියල් මිලියන 56 ක් ඉතිරිගැනීමේ වාසිය මෙරට විදුලි පාරිභෝගිකයන්ට දීමේ අවස්ථාව ඇති බව ද එම නිලධාරියා වැඩි දුරටත් සඳහන් කළේය.
ඉන්දීය ආරක්ෂක අත්අඩංගුවේ පසුවන සංවිධානාත්මක අපරාධකරුවක වන අරුමාහන්දි ජනිත් මදුසංකද සිල්වා නොහොත් පොඩි ලැසි නමැත්තාගේ නැන්දනිය, අම්බලන්ගොඩ රාජ්‍ය
ගොඩකවෙල ප්‍රාද්ශීය සභාවට පොහොට්ටුවෙන් ඉදිරිපත් වෙන අපේක්ෂකයකු හා ඔහුගේ සහෝදරයකු බව කියන පුද්ගලයකු ගෝඩා මිලි ලීටර් පන් ලක්ෂ විසි දහසක් කසිප්පු මිලි
2025 මැයි දිනය සමරන්නේ අපේ ආණ්ඩුව යටතේ බව 2024 වසරේ මැයි දිනයේදී අනුර සහෝදරයා කිව්වා. අප දැන් ඒ පොරොන්දුව ඉටුකර තිබෙනවා යැයි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූ
වේදිකාවල බොරුවට කෑ මොර නොදී ඇමරිකා බදුවලින් රටේ කම්කරුවාට වන බලපෑම්වලට සහනයක් ලබාදෙමින් ශ්‍රමිකයන් ඇතුළු, රටේ ආර්ථිකය ආරක්ෂා කරන්න අපේ සහාය ලබාදෙනවා
සබරගමු සරසවියේ දෙවැනි වසරේ ශිෂ්‍යයකු සිය දිව් නසා ගැනිමට නවක වද සිද්ධියක් හේතු වූයේ දැයි සෙවිමට විශ්ව විද්‍යාල ත්‍රිපුද්ගල කමිටුවක් පත් කර ඇතැයි සබර
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
ලංවිම ඉන්ධන මිලදී ගැනීමෙන් වසරකට කෝටි 5,600 ක පාඩුවක්
pj Thursday, 16 January 2025 02:32 AM
මෙවැනි සම්ප්‍රප්ඵලාප
pj Thursday, 16 January 2025 02:36 AM
මෙවැනි සම්ප්‍රප්ඵලාප දොඩවන්නන්ගෙන් දෙලොවට ම වැඩක් නැත.....
බකල ජයා Thursday, 16 January 2025 04:34 AM
බහුතරයක් රාජ්‍ය ආයතනවල ජනතා විරෝධී ප්‍රතිපත්ති තියෙන්නෙ. ලංවිම වගේ ආයතනවල අය වැඩකරන්නෙ තමන්ට මිසක් රටටවත් ජනතාවටවත් නෙවේ. නම ලංවිම නමුත් සාමාන්‍ය මිනිස්සුන්ගෙන් ඈතයි.
Sediris Thursday, 16 January 2025 05:44 AM
ඉතින් තක්කඩියනේ සෝලාර් පැනල් වලටයි, ඉන්වර්ටර් වලටයි තියෙන බදු අඩු කරා නම් ඔය මුදල ලංකාවෙ ඉතුරු වෙනවනෙ. එතකොට පොඩි මිනිහටත් තමන්ගේ ගෙදර සෝලාර් සිස්ටම් එකක් හයි කර ගන්න පුලුවන්නෙ. ඒක කරොත් ඇමතිටයි, මණ්ඩලේ හොරුන්ටයි ඩීසල් බලාගාර වලින් හම්බෙන කොමිස් එක නැති වෙනවනෙ.
සෙනෙවිරත්න Thursday, 16 January 2025 07:48 AM
ඒ උනාට ඒක බද්දක් හැටියට රජයටම ලැබෙනවනෙ..සෘජුවම ආනයනය කළොත් ඒත් බදු ගෙව්වම ප්‍රතිඵලය එකයි.
Sarath Thursday, 16 January 2025 11:06 AM
ඇමති බුදි ද
Perera Thursday, 16 January 2025 11:19 AM
විදුලිබල මණ්ඩලයට ලාභ පෙන්වීම සඳහා ඛනිජ තෙල් සංස්ථාව ඉන්ධන මිල අඩු කළ යුත්තේ ඇයි? තෙල් සංස්ථාවට ඉන්ධන මිල අඩු කළ හැකි නම් ඔවුන් සියලු පාරිභෝගිකයන් සඳහා මිල අඩු කළ යුතුය.
Perera Thursday, 16 January 2025 01:12 PM
මේ ආණ්ඩුව මාස 3න් කිසිම වැඩක් කරලා නැහැ කිය කියා බැනලා ආපසු පරණ වංචාකාර දූෂිතයින්ට ඊළඟ ඡන්දයේදී ඡන්දෙ දෙන්න.
Kamal Koyrala Thursday, 16 January 2025 03:07 PM
මේ නවතම ලංවිම බයිලාවයි. මහජනතාවට සහනයක් දුන්නේ කවද්ද?