IMG-LOGO

ලොරි -යතුරුපැදි ගැටීමෙන් යුවළක් මරුට

( පුෂ්පකුමාර ජයරත්න )

කුරුණෑගල දඹුල්ල ප්‍රධාන මාර්ගයේ බඩගමුව රක්ෂිතය ප්‍රදේශයේ දී අධික වේගයෙන් ධාවනය කළ ලොරියක යතුරු පැදියක් ගැටී සිදුවූ මාරක රිය අනතුරකින් තරුණ අඹුසැමි යුවළක් මරණයට පත්වූ  බව දොරටියාව පොලීසිය පැවසීය.

දොරටියාව , තෝරයාය ලෙච්චමීවත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි සී.පී.අමිල පුෂ්පසිරිගේ (34) සහ ඔහුගේ බිරිඳ වන ඩබ්ලිව්. චතුරානී නිසංසලා කුමාරි (33) යන දෙදෙනා මෙම අනතුරින් මියගොස්  ඇති බව පොලීසිය කියයි.

මියගිය පුෂ්පසිරිගේ මහතා වෘත්තීයෙන් ශ්‍රී ලංකා නාවික හමුදාවට අයත් අවන්හලක සූපවේදියෙකු ලෙස සේවය කළ අයෙකි. ඔහුගේ බිරිඳ ස්වයං රැකියාවක් ලෙස කේක් නිර්මාණය කළ අයෙකි.

අඹුසැමි යුවළ කුරුණෑගල ගැට්ටුවාන මහින්ද විදුහලේ හයවන වසරේ අධ්‍යාපනය ලබන තම එකම දියණිය රැගෙන ඒම සඳහා යමින් සිටියදී මෙම අනතුරට මුහුණපා ඇත.

දියණිය එදින විදුහලේ චෙස් ක්‍රීඩා පුහුණුවකට සහභාගි වෙමින් සිට ඇත.

අනතුර සිදුවන අවස්ථාවේදී ප්‍රදේශයට වර්ෂාව ඇද හැලෙමින් තිබූ අතර අඹුසැමි යුවළ තෝරයාය දෙස සිට කුරුණෑගල දෙසට තම යතුරු පැදියෙන් යමින් සිටියදී කුරුණෑගල දෙස සිට දඹුල්ල දෙසට ධාවනය කරවූ ලොරියක හැපී එම ස්ථානයේදීම මරණයට පත්ව ඇති බව පොලීසිය සඳහන් කළේය.

අධික වේගයෙන් පැමිණ ඇති ලොරිය වැස්ස පවතින අවස්ථාවේදී වේගය පාලනය කරගත නොහැකිව එක් වරම මාර්ගයේ පැමිණි දෙසටම ආපසු හැරී ඇති බවත් එම අවස්ථාවේදී ලොරිය පැමිණෙන අනතුරුදායක තත්ත්වය වටහාගන ආරක්ෂාව සඳහා මාර්ගයේ අයිනටම වී සිටි යුවළ ගමන්ගත් යතුරු පැදියේ ලොරියේ පිටුපස කොටස ගැටීමෙන් ඔවුන් දෙදෙනා මාරක අනතුරකට ලක්ව ඇති බවත් පොලිස් විමර්ශන වලින් අනාවරණය වී තිබේ.

 

 



අදහස් (2)

ලොරි -යතුරුපැදි ගැටීමෙන් යුවළක් මරුට

Latha Friday, 07 July 2023 09:07 AM

ලොරි ,බස් වලට වේග සීමා තිබුනත් ඒවා තකන්නේ නැහැ .වෙන රටවල වේග සීමා උල්ලංඝනය කලොත් රියදුරු බලපත්‍ර අවලංගු කරලා ඩ්‍රයිවර් හිරේ දානවා

:       0       2

Deshabandu Saturday, 08 July 2023 10:42 AM

එහෙම වුණොත් සේවාදායකයින්ගේ අඩුවක් වෙන්න පුළුවන්නේ...!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 78 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 15 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 671 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

Our Group Site