IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


ලොරිය ප්‍රපාතයට පෙරළී 22ක් රෝහලට

(ගාමිණී බණ්ඩාර ඉලංගන්තිලක)

මස්කෙළිය - සාමිමලේ ප්‍රධාන මාර්ගයේ, බ්‍රන්ස්වික් තේ වතුයායේ ක්වින්ස්ලණ්ඩ් ප්‍රදේශයේදී කුඩා ලොරි රථයක්  මාර්ගයෙන් ඉවතට අඩි 40 ක් පමණ ප්‍රපාතයකට පෙරළී එහි ගමන් කරමින් සිටි පුද්ගලයන් 22 ක් තුවාල ලබා මස්කෙළිය හා දික්ඔය රෝහල් වෙත් ඇතුළත් කර ඇති බව මස්කෙළිය පොලීසිය පවසයි.

මෙසේ තුවාල ලබා ඇත්තේ, මස්කෙළිය, බ්‍රන්ස්වික් තේ වතුයායේ ක්වින්ස්ලණ්ඩ් කොටසේ පදංචි වතු කම්කරුවන් පිරිසකි.

තුවාලකරුවන් අතර කාන්තාවෝ 17 ක් හා පිරිමි පුද්ගලයෝ 05 දෙනෙක් සිටිති.

මෙම තුවාලකරුවන් මස්කෙළිය ප්‍රාදේශිය රෝහලට මුලින්ම ඇත්ළත් කිරීමෙන් අනතුරුව බරපතල තත්වයේ පසුවූ 17 දෙනකු වැඩිදුර ප්‍රතිකාර සඳහා දික්ඔය මූලික රෝහලට රි යැවූ බව මස්කෙළිය රෝහලේ ප්‍රධාන වෛද්‍ය නිලධාරි එච්.එම්.ඉර්ෂාඩ් මහතා පැවසීය.



අදහස් (0)

ලොරිය ප්‍රපාතයට පෙරළී 22ක් රෝහලට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 245 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 178 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 985 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site