IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


ලෝයර්ගේ බල්ලා මැරුවැයි ලෝයර් අත්අඩංගුවට

(ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න)

හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයකුගේ නීතීඥ පුතෙකුගේ නිවසක සුරතලයට ඇතිකරන සුනඛයකුට වස දී ඝාතනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට ශ්‍රේෂ්ඨාධිකරණ නීතීඥවරියක් (25) දා අත්අඩංගුවට ගත් බව කහතුඩුව පොලිසිය පවසයි.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ මත්තෙගොඩ ප්‍රදේශයේ පදිංචි ශ්‍රේෂ්ඨාධිකරණයේ  නීතිඥවරියක බව පොලීසිය කියයි.

කිරිවත්තුඩුව තලගල වත්ත ප්‍රදේශයේ පැමිණිලිකාර නීතිඥවරයාගේ නිවස පිහිටි භූමිය අවට ස්ථාන කිහිපයක ඉකුත් 12 දා කුඩා ප්‍රමාණයේ සැකකටයුතු පාර්සල් කිහිපයක් තිබී ඇති අතර ඒ බව දුටු මෙහෙකාරිය නීතිඥවරයා දැනුවත් කර  ඇති අතර ඒ පිළිබඳව සොයා බලමින් සිටියදී එක්වරම නිවසේ ඇතිකරන සුනඛයා සෙම පෙරාගෙන සිහිසුන්ව බිම ඇද වැටී තිබේ.

ඒ අනුව පශු වෛද්‍යවරයෙකු නිවසට කැඳවා සුනඛයා පරික්ෂා කොට ඇති අතර එහිදී වෛද්‍යවරයා පවසා ඇත්තේ  කිසියම් වස වර්ගයක් ශරීරගත වීමෙන් සුනඛයා මියගොස් ඇති බවයි.

ඒ අනුව නිවසේ සවි කර ඇති ආරක්ෂිත කැමරා පරික්ෂා කිරීමේදී ඉකුත් 12 දා නිවස ඉදිරිපිට ප්‍රධාන ගේට්ටුව අසලට පැමිණි රතු පැහැති මෝටර් රථයක්  පැමිණ ඉන් බැසගත් පුද්ගලයෙකු කිසියම් ද්‍රව්‍යයක් වත්ත තුළට විසි කරන අයුරු දැක තිබේ.

ඒ අනුව නිවස හිමි නීතිඥවරයා සිද්ධිය සම්බන්ධයෙන් කහතුඩුව පොලීසියට කළ පැමිණිල්ලකට අනුව සීසීටීවී දර්ශන පරික්ෂා කිරීමේදී සැකකටයුතු ලෙස පැමිණි මෝටර් රථය මත්තෙගොඩ ප්‍රදේශයේ පදිංචි ශ්‍රේෂ්ඨාධිකරණයේ රාජකාරියේ නිරත නීතිඥවරියක ට අයත් එකක් බවට තොරතුරු අනාවරණය වූ බව  පොලීසිය පවසයි.

ඒ අනුව සැකකාර නීතිඥවරියට   25 දා පොලිසියට පැමිණෙන  ලෙසට කළ දැනුම්දීමකට අනුව පොලිසියට පැමිණි  අවස්ථාවේදී ප්‍රකාශයක් සටහන් කොට ගෙන කැස්බෑව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගැණිනි.

මීට වසර පහකට පෙර පැමිණිලිකාර නීතිඥවරයා ඝාතනය කිරීමේ අරමුණෙන් පුද්ගලයින් සිව් දෙනෙකු  පැමිණිලිකරුගේ නිවසට පැමිණ කලහකාරීව හැසිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ද මීට පෙර පොලිසියේ පැමිණිල්ලක් කර තිබේ. පැමිණිලිකරු මෙරට කීර්තිමත් මියගිය ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙකු ගේ පුත්‍රයෙකි.
 




 

 

 



අදහස් (1)

ලෝයර්ගේ බල්ලා මැරුවැයි ලෝයර් අත්අඩංගුවට

ලුම්බිණි Wednesday, 26 April 2023 11:15 AM

දුෂ්ඨ ගැණියෙක්. හිරේ දැමිය යුතුයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 490 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 259 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1054 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site