
(සුජිත් හේවාජුලිගේ)
විදුලි බල මණ්ඩලයේ සේවකයන්ට ප්‍රසාද දීමනා මෙවර නොදීමට ගෙන ඇති තීරණය හේතුවෙන් මණ්ඩලයේ මතුවූ අර්බුදකාරී තත්වය ලොකු පිපිරීමක් දක්වා වර්ධනය වෙමින් තිබෙන බව වාර්තාවේ.
මේ හේතුවෙන් සේවකයන් සහ පාලනාධිකාරිය අතර දැඩි මතභේදාත්මක තත්වයක්ද නිර්මාණයවී තිබෙන බව එම මණ්ඩල ආරංචි මාර්ග සඳහන් කරයි.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වන විදුලි බල මණ්ඩලයේ පොදු ජන ප්‍රගතිශීලී සේවක සංගමය පවසන්නේ විසි දෙදාහක් වන විදුලි බල මණ්ඩලයේ සේවකයන්ට ප්‍රසාද දීමනාව ලබාදීමට යන්නේ සමස්ත විදුලි බල මණ්ඩලයේ ආදායමෙන් සියයට එකකටත් වඩා අඩු ප්‍රමාණයක් බවයි. ලක්ෂ 40 කින් පමණ මෙම දීමනාව ලබාදීමට හැකියාව ඇති බවද සංගමය පෙන්වා දෙයි.
ප්‍රසාද දීමනා ලබාදීමට නොහැකි යැයි කියන කාරණයට එකඟ නොවන බවත් ප්‍රසාද දීමනාව දීමට මුදල් ඉතිරි වී පවතින බවත් සංගමයේ ප්‍රකාශකයෙක් පැවසීය.
එසේම පසුගිය රජය සකස් කළ සැලසුම් වලට අනුකූලව විදුලි බිල අඩු කිරීමටද හැකියාව ඇති බවද ඔහු ප්‍රකාශ කළේය.
මේ අතර ප්‍රසාද දීමනා ලබා නොදීමට ගෙන ඇති තීරණයට එරෙහිව ඉදිරියේදී දැඩි ක්‍රියාමාර්ග ගැනීමට වෘත්තීය සංගම් කිහිපයක් තීරණය කර ඇත
2025 දෙසැම්බර් මස 18
596
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
291
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1093
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ලාභ නොබෙදුවාට මණ්ඩලේ කචල්
kumara Tuesday, 24 December 2024 06:00 AM
ආදායමෙන් 1%ක් කිව්වාට ලාභයෙන් 1%ක් වෙන්නේ නෑනේ. එපමණයි ස්වාමීනි.
Sirisena Tuesday, 24 December 2024 06:16 AM
පාරිභෝගිකයින්ගේ තැන්පතු සඳහා ප්‍රසාද දීමනාවක් නොදෙන්නේ ඇයි? පාරිභෝගිකයින් නොදන්නා සාමාජිකයිනුත් කරගෙන නොමැතිව පිරිසක් මාධ්‍යය ඉදිරියේ විදුලිය පාරිභෝගිකයින්ගේ සංවිධානය කියලා පෙනී සිටින අයවත් ඒවා ගැන නොසොයන්නේ ඔවුනුත් මණ්ඩලයේ පිරිසක් නිසාද කියලා සැකයක් ඇතිවෙනවා..!
විදුර Tuesday, 24 December 2024 07:55 AM
විදුලි බලය ඉතා සංවේදී මාතෘකාවක්. ලගදි දවසක් රෑ මගේ ගෙදරට එන රැහැනේ අවුලක් වෙලා ලයිට් නැති උනා, හොට්ලයින් කෝල් කරලා කීවා, ගෙදර පොඩි ලමයෙක් ඉන්නවා කියලත් කීවා, පැයයි ගියේ ඇවිත් රෙපෙයාර් කරලා ගියා, ගොඩක් ස්තූති විදුලිබල මණ්ඩලයේ නඩත්තු කණ්ඩායමට. ඔබට පාරිතෝශික ලැබේවා.
Hasith Tuesday, 24 December 2024 09:23 AM
"මිනිසුන්ගෙන් මංකොල්ල කාල, බෝනස් එල්ලගෙන කන්න හදන්නේ මොන පැත්තෙන්ද ? ඔහොම බැලුවොත් ඔක්කොම සේවා වල දූෂණ අක්‍රමිකතා වහගන්න මිල හිතු මතේ ඉහල දාලා, ලාභ ලබනවා කියලා පෙන්න්න පුළුවන්නෙ. මේවා මේ රට විනාශකාරී සංගම්
udara Tuesday, 24 December 2024 09:44 AM
විදුලිබලමණ්ඩලේ සාමාන්‍ය සේවකයකුගේ වැටුප පවා පෞද්ගලික අංශයේ සේවකයකුගේ වැටුපට වඩා ඉතා ඉහල අගයක්. එහෙම එකේ දුප්පත් මිනිස්සුන්ගෙන් පවා සුරා කලා බිල් වැඩිකරලා ලාභ පෙන්නලා බෝනස් ඉල්ලන්න මුන්ට ලැජ්ජාවක් නෑ. ලාභ නම් ණය ගෙවලා ඉවර කරන්න.බිල අඩු කරන්නත් බැරිනම්.
saliya Tuesday, 24 December 2024 11:12 AM
අසාධාරණ ලයිට් බිල ගන්නෙත් අපෙන් නම්, බලාගාර හැදුවෙත් අපේ මුදලින් නම්, වහින වැස්සත් ලැබෙන්නේ මේ රටේ මිනිස්සුන්ට නම්, අපිට දඩ ගහලා නුඹලා බෝනස් ඉල්ලීම කොතරම් කැතද?
CC Tuesday, 24 December 2024 11:46 AM
අපේ රට යාන්තමින් බංකොලොත් භාවයෙන් මිදීමට ආරම්භ කලා පමණි,පෙර සිටි දේශපාලකයින් ඉවක් බවක් නොමැතිව රටට හා ජනතාවට අවශ්‍ය සංවර්ධනය වෙනුවට රට ගැන කැක්කුමක් නොමැතිව කල බලලෝභී දේශපාලනයේ අවසන් ථලය වූවේ රට සෑම අතින්ම පිරිහුණු බංකොලොත් රටක් බිහිවීමයි.මේ රට නිදහස් රටක් , රට දියුණුකිරීමට ජනතාව මහන්සිවී කැපවීමෙන් වැඩ කල යුතුයි.කැපකිරීම් කල යුතුයි .උපයන දෙයින් රට වෙනුවෙන් තම නොටස රාජ්‍ය භාරය එසේ නැතිනම් බදු පුමාණය ගෙවිය යුතුයි.එවිට අප රටට දියුණු සංවර්දිත දේශයක් විනය ගරුක නීති ගරුක රටක් සිහිනය සැබෑකර ගත හැකියි.එසේ නැතිව රාජ්‍ය සේවකයින්ට රජය මේ අවස්තාවේදී වැටුප් වැඩිකිරීම් යනාදිය සිදුකිරීමට පියවර ගනිමින් තිබියදී තම වරප්‍රසාද ඉල්ලමින් කටයුතු කිරීම සුදුසු නොවන බව කාරුණිකව මතක් කරනු කැමැත්තෙමි. විදුලිබල මන්ඩලය දියුණු කර ජනතාවට සහන දී ප්‍රසාද දීමනා ලැබුවාට ජනතාව විරෝධය පලකරනු නොමැති බව සඳහන් කරමි.
Lalla Tuesday, 24 December 2024 11:48 AM
කෝ ඕකෙ ඵලදායිතාවය වර්ධනය. බිල වැඩිකර ඒකාධිකාරයක් ලාභ ගැනීම නීතිය කොහොම වෙතත් සදාචාරාත්මක නෑ.ඔය සේවක පැවැත්ම කොහොමත් අවිචාරවත්...