
(අංජුල මහික වීරරත්න)
එළැඹෙන 2023/24 මහ කන්නයේ දී වී වගා කරන ගොවීන්ට තවත් එක් රසායනික පොහොර වර්ගයක් නොමිලයේ දීමට කටයුතු කරන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.
ඒ සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමග සාකච්ඡා කළ අතර ඊට ජනාධිපතිවරයාගේ යහපත් ප්‍රතිචාර ලැබී ඇතැයි ද අමාත්‍යවරයා සඳහන් කළේය.
මෙවර යල කන්නයේ දී වගා කන්න තුනකට පසු මඩපොහොර හෙවත් ත්‍රිත්ව සුපිරි පොහොර ( TSP- Triple Super Phosphate) නොමිලයේ ගොවීන්ට ලබා දීමට රජය පියවර ගත් බවත් පසුගිය මහ කන්නයේ දී කුඹුරු වගා කළ සියලු දෙනාට මෙවර යල කන්නයේ වී වගා කළත්, නොකළත් මෙම TSP පොහොර නොමිලයේ දුන් බවත් අමාත්‍යාංශය කියයි.
ගොවීන්ගේ නිෂ්පාදන වියදම් අවම කිරීම ඉලක්ක කර ගනිමින් රජය මෙම සහන සලසන බවද පසුගිය මහ කන්නයේ දී සහ මෙවර යල කන්නයේ දී ද පොහොර මිල දී ගැනීම සඳහා අවශ්‍ය මුදල් රජය ගොවීන්ට සහනාධාරයක් වශයෙන් දුන් බව අමාත්‍යාංශය පවසයි.
ඒ අනුව හෙක්ටෙයාර් එකකට රුපියල් 20,000ක මුදලක් හා හෙක්ටයාර් දෙකකට රුපියල් 40,000ක මුදලක් ද වශයෙන් වවුචර්පත් මගින් නිකුත් කළේය.
2025 දෙසැම්බර් මස 18
487
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
256
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1050
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ලබන මහ කන්නයේ තව පොහොරක් නිකං දෙයි
Prase Sunday, 16 July 2023 10:56 AM
මේක විහිළුවක්... පොහොර නිකන් දෙනවා... රයිස් ගිනිගණන් දීලා මහජනතාවට කන්න ඕනෑ... පොහොර නිකන් දෙනවා නම් රයිස් කිලෝ 1 රුපියල් 100ට දීපල්ලා...
sriyal Sunday, 16 July 2023 02:50 PM
පිං බතෙක් ද පිං ගොනෙක්ද?
Ranathunga Sunday, 16 July 2023 03:12 PM
මෙයා කියන්නේ හරියට එයාගේ සල්ලි නිකන් ගොවියට දෙනවා වගේ...