IMG-LOGO

2025 මැයි මස 15 වන බ්‍රහස්පතින්දා


ලන්ඩන් අපවහන නළයකින් පෝලියෝ විෂබීජ හමුවෙලා

ලන්ඩන් අගනුවර අපවහන නළයකින් ලබා ගත් සාම්පල පරීක්ෂා කිරීමේදී පෝලියෝ වයිරස විෂබීජ හමුවී ඇතැයි බ්‍රිතාන්‍ය සෞඛ්‍ය අංශ පවසයි.

පෝලියෝ වයිරස විෂබීජ ඇතුළත් එම සාම්පාල ලෝක සෞඛ්‍ය සංවිධානයට යොමු කිරීමට ද  බ්‍රිතාන්‍ය සෞඛ්‍ය බලධාරීන් කටයුතු කර තිබේ. ලෝක සෞඛ්‍ය සංවිධානය ඒ ගැන විශේෂ අවධානයක් යොමු කර ඇතැයි ද පැවැසෙයි.

එන්නත්කරණය හරහා මහා  බ්‍රිතාන්‍යයෙන් පෝලියෝ වයිරසය තුරන් කර දැමීම සිදුවූයේ මීට දශක දෙකකට පමණ පෙරය. ඒ අනුව, පරිසරයෙන් පෝලියෝ වයිරස විෂබීජ හමුවීම කැලැඹිලිසහගත පුවතක් බවට පත් වී තිබේ. කෙසේ නමුත් තවමත් මහා බ්‍රිතාන්‍යයෙන් කිසිදු පෝලියෝ ආසාදිතයකු වාර්තා වී නැත.

බ්‍රිතාන්‍ය මෙන්ම ලෝක සෞඛ්‍ය සංවිධානයේ ද පර්යේෂකයන් පෙන්වා දෙන ආකාරයට ලන්ඩන් අපවහන නළයෙන් හමුවී ඇත්තේ පර්යේෂණාගාර තුළ වෛද්‍ය පර්යේෂකන්ගේ අධීක්ෂණය යටතේ පවතින පෝලියෝ වයිරස විෂබීජ වර්ගයකි.

‘පර්යේෂණාගාරවල පෝලියෝ විෂබිජ හෝ වේවා ස්වභාවිකව පරිසරයේ පවතින පෝලියෝ විෂබීජ හෝ වේවා අවට පරිසරයේ තිබීම කුඩා දරුවන්ට තර්ජනයක්. ඒ නිසා ඒ ගැන අපගේ පූර්ණ අවධානය මේ සම්බන්ධයෙන් යොමු වී තිබෙනවා.’ යැයි ලෝක සෞඛ්‍ය සංවිධානය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.

(රොයිටර්)



අදහස් (1)

ලන්ඩන් අපවහන නළයකින් පෝලියෝ විෂබීජ හමුවෙලා

Samira Thursday, 23 June 2022 06:15 PM

අළුත් ඇමැතිතුමා කලින් ගෙන්නපු කුණුවල අවුලක් තියෙන්න නැතුව ඇති..!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

’’හරිත සරසවියක අසිරිය විඳගන්න”  NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී 2025 මැයි මස 15 20 0
’’හරිත සරසවියක අසිරිය විඳගන්න” NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී

NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1551 2
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1676 4
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

Our Group Site