IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


ලැට්වියාවට පනින්න ගිය පහක් අල්ලයි

(විමුක්ති එස් රුද්‍රිගු)

ලැට්වියා දේශසීමාව හරහා නීති විරෝධී සංක්‍රමණිකයන් ප්‍රවාහනය කිරීමට උත්සාහ දැරූ ශ්‍රී ලාංකිකයන් පස් දෙනෙකු පසුගිය අටවෙනිදා අත්අඩංගුවට ගත් බව එරට දේශසීමා ආරක්ෂකයන් ප්‍රකාශ කළේය.

එලෙස නීති විරෝධී සංක්‍රමණිකයන් රැගෙන දේශසීමාව පසු කිරීමට පැමිණි එක් වාහනයක ඉදිරිපස සහ රියදුරු අසුන්වල සිටි ශ්‍රී ලාංකිකයන් දෙදෙනාටම වලංගු ලැට්වියා නේවාසික වීසා බලපත්‍ර තිබූ බවත් පිටුපස සිටි ආසියානු සම්භවයක් සහිත පුද්ගලයන් සය දෙනාට කිසිදු වලංගු ලියවිල්ලක් නොතිබූ බවත් දේශසීමා ආරක්ෂකයන් පැවැසුවේය.

එම පිරිස සමඟ නීති විරෝධීව දේශසීමාවට ඇතුළු වන්නන්ට සහාය වීමට පැමිණි තවත් වාහනයක සිට ශ්‍රී ලාංකිකයන් තිදෙනෙකුද අත්අඩංගුවට ගත් බව දේශසීමා ආරක්ෂකයන් ප්‍රකාශ කළේය.

නීති විරෝධී සංක්‍රමණිකයන් ලැට්වියාවට ගෙන ඒමට උත්සාහ කිරීමේ වරදට අදාල චෝදනා මෙම ශ්‍රී ලාංකිකයන් පස්දෙනාට ගොනුකර ඇති බවත් වරදකරු වුවහොත් එම ශ්‍රී ලාංකිකයන් පස්දෙනාට වසර දෙකත් අටත් අතර සිර දඬුවමක් නියම විය හැකි බවත් දේශසීමා ආරක්ෂකයන් පැවසුවේය.

 



අදහස් (2)

ලැට්වියාවට පනින්න ගිය පහක් අල්ලයි

Muthu Saturday, 11 May 2024 11:15 AM

ලැට් එකක ඉන්නවාට වඩා ලැට්වියාවට පනින එක සම්පතක්...

:       7       21

Perera Sunday, 12 May 2024 08:41 AM

ඉස්සර ඉන්දියාවෙන් හොරෙන් ලංකාවට රිංගන්න ආපු එවුන්ට කල්ලතෝනියෝ කිව්වා.. දැන් අපේ එවුන්ට එහෙම කියන්න වෙලා.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 477 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 252 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1049 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site