IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


ලිට්‍රෝ මිල යළි අඩුවෙයි?

 

(යොහාන් භාසුර)

 

ලිට්‍රෝ ගෘහස්ථ ගෑස් මිල ලබන සදුදා (5 වැනිදා) මධ්‍යම රාත්‍රියේ සිට නැවතත් අඩු කිරීමට නියමිත බවත් නව මිල ගණන් පසුව දැනුම් දෙන බවත් ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා අද (2) පෙරවරුවේ පැවසීය.

ලිට්‍රෝ ගෑස් සමාගම, මුදල් අමාත්‍යංශ සහ පාරිභෝගික කටයුතු අධිකාරිය සමඟ එකතුව හදුන්වාදුන් ගෑස් මිල සූත්‍රයට වර්තමාන ලෝක වෙළෙඳපොළේ ගෑස් මිල ගනන් ආදේශ කර නව මිල තීරණය කරන බවත්    ඒ අනුව සියලුම ප්‍රමාණයන්වල ගෑස් සිලින්ඩරවල මිල අඩු වන බවත් සභාපතිවරයා කීය.

මීට මාස එකහමාරකට පමණ පෙර පැවති ගෑස් පෝලිමේ වනවිට නොමැති  බව කී සභාපතිවරයා ලිට්‍රෝ ගෑස් අලෙවි නියෝජිතයන් සතුව මේ වන විට ප්‍රමාණවත් තොග තිබෙන බැවින් පාරිභෝගිකයන්ට පහසුවෙන් ලබාගත හැකි බව ද සඳහන් කළේය.

එම දිගු පෝලිම් නැති කිරීම සඳහා ගෑස් සිලින්ඩර ලක්ෂ 50ක් පමණ නිකුත් කළ බවත් ලිට්‍රෝ සමාගම හැකි සෑම අවස්ථාවේදීම පාරිභෝගිකයන්ට සහන සැලසීමට කටයුතු කරන බවද මුදිත පීරිස් මහතා කීය.



අදහස් (0)

ලිට්‍රෝ මිල යළි අඩුවෙයි?

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 406 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 234 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1023 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site