IMG-LOGO

ලංගම රියැදුරට මුත්‍රා බෝතයෙන් ගැසූ බස් රියැදුරා මාට්ටු

(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)

දිවුලපිටිය ලංගම ඩිපෝවට අයත් බස් රථයක රියැදුරකුට  මිනුවන්ගොඩ බස් නැවතුම්පොළේ දී ප්ලාස්ටික් බෝතලයකට මූත්‍රා පූරවා පහර දුන් බව කියන සිද්ධියට සම්බන්ධ බව කියන පෞද්ගලික බස් රථ රියදුරා බීමතින් බසයක් ධාවනය කරද්දී කොළඹ වේල්ලවීදිය පොලීසිය විසින් සැකපිට අත්අඩංගුවට ගනු ලැබීය.

අත්අඩංගුවට ගත් මෙම සැකකාර පෞද්ගලික මගී බස් රථ රියදුරාබීමතින් සිටි ඇති බව ඊට අදාළව සිදු කරන ලද පරීක්ෂණවලින් තහවුරු විණි යැයි වේල්ල වීදිය පොලීසියේ නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීය.

අත්අඩංගුවට ගත් මෙම බස් රථ රියදුරා ගෙන් ප්‍රකාශයක් සටහන් කරගෙන 9 වෙනිදා කොළඹ අලූත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වමින් ඔහු පොලිස් ඇප මත මුදා හරින ලදැයි ද පොලීසිය කියයි.

මිනුවන්ගොඩදී ලංගම බස් රථ රියදුරෙකුට මුත්‍රා ප්‍රහාරයක් එල්ල කිරීමට මෙම පෞද්ගලික බස් රථ රියදුරා මිනුවන්ගොඩ පොලිසියට අවශ්‍ය සිටින අයකු බව වේල්ල වීදිය පොලිසියේ නිලධාරීන් දැන සිට නොමැත.

බීමතින් පෞද්ගලික මගී බස් රථයක් පැදවීම සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන වේල්ල වීදිය පොලීසිය  පොලිස් ඇප මත මුදා හරින ලද මෙම රියදුරා ලංගම බස් රථ රියදුරකුට මුත්‍රා ප්‍රහාරයක් එල්ල කළේ යැයි කියන චෝදනාව යටතේ සැකපිට අත්අඩංගුවට ගැනීමට මිනුවන්ගොඩ පොලිසිය පරීක්ෂණ ආරම්භ කර ඇත.

ලංගම බස් රථයේ රියදුරා ඉලක්ක කර ගනිමින් එල්ල කරන ලද මෙම මුත්‍රා ප්‍රහාරයෙන්රියදුරු අසුනට යාබද අසුන්වල සිටි මගීන් කිහිප දෙනකුට වැදීමෙන් එම මගීන් දැඩි අපහසුතාවයට පත්වූ බවද පැවසේ.

 



අදහස් (0)

ලංගම රියැදුරට මුත්‍රා බෝතයෙන් ගැසූ බස් රියැදුරා මාට්ටු

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 373 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 533 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 223 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site