IMG-LOGO

2025 ජුනි මස 28 වන සෙනසුරාදා


ලංගමට කෝටි දෙකක ෆෝර්ක්ලිෆ්ට්ර තුනක් මිලට අරන්

(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය මිලදී ගත් රුපියල් දෙකෝටියකට වැඩි වටිනා  ෆෝර්ක්ලිෆ්ට් යන්ත්‍ර තුනක්  අක්‍රීයව පැවැතිම සම්බන්ධයෙන් පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ  (කෝප් කමිටුව) විශේෂ අවධානය යොමුවී  ඇත.

මණ්ඩලයට   ටොන් පහක ෆෝර්ක්ලිෆ්ට් යන්ත්‍ර දෙකක් පමණක් අවශ්‍ය ව තිබියදී  එම යන්ත්‍ර තුනක් මිලදී ගැනීම පිළිබඳවද  එහි ප්‍රධානීන්ගෙන් ප්‍රශ්න කෙරුණු බව කෝප් කමිටුව පවසයි.

යන්ත්‍රෝපකරණ ප්‍රසම්පාදන ලයිස්තුවේ ඇස්තමේන්තුගත අගය රුපියල් පහළොස් ලක්ෂයක්  වුවත්  සැපයුම් සමාගම විසින් ඉදිරිපත් කරන ලද මිල සහ මණ්ඩලයේ ඇස්තමේන්තුගත මිල අතර වෙනස රුපියල් පනස් හත් ලක්ෂයක් බවද  කෝප් කමිටු විමර්ශනවලදී තොරතුරු හෙළිවී ඇත.

තාක්ෂණික ඇගැයීම් කමිටුව  අදාළ කරුණු හෝ වෙළෙඳපොළ වටිනාකම නොසලකා මෙම යන්ත්‍ර මිලදී ගැනීමට  නිර්දේශ කර තිබීම පිළිබඳවද  කමිටුවේ අවධානය යොමුවී ඇත.

මේ  මිලදී ගැනීම කර ඇතැයි  පැවසෙන්නේ  2018 වර්ෂයේදීය.

යන්ත්‍ර තුනෙහි භාවිතය සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණයක් පවත්වා  වාර්තාවක්  ඉදිරිපත් කරන ලෙස කෝප් කමිටුවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චරිත හේරත් මහතා  ලංකා ගමනාගමන මණ්ඩලයට නිර්දේශ කර ඇත .

එහෙත් එම වාර්තාව මෙතෙක් ඉදිරිපත් කර නැතැයි  කෝප් කමිටුව සඳහන් කරයි.



අදහස් (0)

ලංගමට කෝටි දෙකක ෆෝර්ක්ලිෆ්ට්ර තුනක් මිලට අරන්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 253 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 69 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී 2025 ජුනි මස 23 236 0
නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී

සීඝ‍‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P

Our Group Site