IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


ලග්ගල පතලකට යට වී අයෙක් මරුට

(දිල්රුක්ෂි ග්‍රේරු)

මාතලේ, ලග්ගල පල්ලේගම පොලිස් වසමේ හත්තොට අමුණ ප්‍රදේශයේදී මැණික් පතලක පස්කණ්ඩියකට යට වීමෙන්  පුද්ගලයකු මියගොස් ඇතැයි ලග්ගල පොලීසිය කියයි.

මෙසේ මියගොස් ඇත්තේ කන්දෙපිටවල හත්තොටඅමුණ ප්‍රදේශයේම පදිංචි වයස අවුරුදු 40ක් වන ඒ එම්. එම් .ජී උපාලි කුමාර නැමැති දෙදරු  පියෙකු බව පොලීසිය පැවසීය.

මෙම පුද්ගලයා ඇතුළු තවත් පුද්ගලයින් සිව්දෙනෙකු පෞද්ගලික ඉඩමක මැණික් පතලක් හාරමින් සිටියදී  මෙම අනතුර සිදුව ඇති බවට විමර්ශනයේදී අනාවරණය වී ඇතැයි පොලීසිය කියයි. 

මෘත ශරීරය ලග්ගල පල්ලේගම රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර ලග්ගල පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.



අදහස් (0)

ලග්ගල පතලකට යට වී අයෙක් මරුට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 686 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 327 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1115 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site