(සුජිත් හේවාජුලිගේ )
කාන්තාවන්ට අයුතු යෝජනා කරමින් විනය විරෝධී ලෙස හැසිරී ඇතැයි පැවසෙන පාර්ලිමේන්තුවේ අංශ ප්‍රධානියා සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කිරීමෙන් පසු ඔහු නියමිත කාලයටත් පෙර විශ්‍රාම යෑමට තීරණය කර ඒ බව පාර්ලිමේන්තු ප්‍රධානීන්ට දැනුම්දී ඇතැයි වාර්තාවේ.
ඔහු විශ්‍රාම යෑමට නියමිතව ඇත්තේ මේ වසර අවසානයේදීය.
එම නිලධාරියා සම්බන්ධයෙන් ඉදිරිපත්වී ඇති චෝදනා සනාථවී ඇති හෙයින් ඒ සම්බන්ධයෙන් විනයානුකූලව කටයුතු කිරීමට සිදුවන බව පාර්ලිමේන්තු ප්‍රධානීන් දැනුම්දී ඇත. ඔහු කල් තියා සේවයෙන් විශ්‍රාම යාමට තීරණය කර ඇත්තේ ඒ අනුවය.
කෙසේ වෙතත් ඔහුට කල් තියා විශ්‍රාම යාමට ඉඩදෙනවා නම් කතානායකවරයා ඒ පිළිබඳ තීරණයක් ගතයුතු බව පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් පැවසේ.
එම අංශයට නිලධාරිනියන් බඳවා ගැනීමේදී සහ නිලධාරිනියන්ට උසස්වීම් පිරිනැමීමේදී ලිංගික අල්ලස් ඉල්ලා ඇතැයි කියන සිද්ධීන් සම්බන්ධයෙන් ලිඛිත සාක්ෂි රැසක් ඉදිරිපත් වීමෙන් අනතුරුව පාර්ලිමේන්තු ප්‍රධානීහු එම නිලධාරියා සම්බන්ධයෙන් පසුගියදා විමර්ශන ආරම්භ කළහ.
මෙම නිලධාරියා මෙවැනිම චෝදනාවක් සම්බන්ධයෙන් මෙම නිලධාරියා කාලයකට පෙර වැඩ තහනමට පවා ලක්ව සිටියේය.
කෙසේ වෙතත් හිටපු නිලධාරියකු ඔහුට විරුද්ධව විනයානුකූලව කටයුතු නොකිරීම හේතුවෙන් යළි සේවයේ කටයුතු කිරීමට ඔහුට අවස්ථාව සැලසුණු බව එම ආරංචි මාර්ග සඳහන් කළේය.
2025 දෙසැම්බර් මස 18
498
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
260
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1055
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ලිංගික අල්ලසට ඇඟිල්ල දිගු වූ නිලදරුවා කලින්ම ගෙදර යයි
Lalla Friday, 31 May 2024 10:26 PM
මන්ත්‍රීල හරියට ඉන්න එපායැ නිලධරයෝ හදාගන්න. හොරු කප්පම්කාරයෝ ගෑනු ප්‍රේතයෝ උන්ගේ ආදර්ශයට අරගෙන....
Achini Friday, 31 May 2024 11:25 PM
වැරදි කරාත් හොරකම් කරලා මාට්ටු වුණත් හිරේට දාන එකම රට ලංකාව
සෙනෙවිරත්න Saturday, 01 June 2024 05:06 AM
ඕන ඔට්ටුවක්, විශ්‍රාම යන්න ඉඩ දීල විශ්‍රාම වැටුප ,පාරිතෝශිතය සේරම ගන්න ඉඩ දෙනව ඔය දූෂිත කතා නාකය, සාමාන්‍ය රජයෙ සේවකයෙකුට කරන විදියට නොකර මොකද මෙතන කතානායකට තීරක බලය?
Prabha Saturday, 01 June 2024 11:09 AM
හිරේ යන්න ඕන එකා යන්නේ ගෙදර මේකනම් අමුතුම රටක්
ලසාල Saturday, 01 June 2024 05:38 PM
ලිඛිත සාක්ෂි තියෙනවායි කියන්නේ, මිනිහා ලිංගික අල්ලස් ඉල්ලලා තියෙන්නේ ලියුම් ලියලාද?
A.BTuesday, 04 June 2024 08:38 PM
නැහ...ලිංගික බලපෑම් වලට සහ අයුතු යෝජනා වලට මූණ දීපු කාන්තාවන් ලිඛිතව එයාලට උන දේවල් ඉදිරිපත් කරලා.