IMG-LOGO

2025 නොවැම්බර් මස 14 වන සිකුරාදා


ලංකා සිසුන්ට සිංගප්පූරු උපාධි ගන්න ගිවිසුමක්

 

(අංජුල මහික වීරරත්න)

උසස් අධ්‍යාපන සහයෝගීතාවන් උදෙසා අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය හා සිංගප්පූරු ජාතික විශ්ව විද්‍යාලය අතර අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.

ශ්‍රී ලාංකීය උපාධිධාරී සිසුන් සඳහා පශ්චාත් උපාධි ශිෂ්‍යත්ව අවස්ථා ලබා ගැනීම ඇතුළු උසස් අධ්‍යාපනික සහයෝගීතාවන් ඇති කර ගැනීම උදෙසා, ගෝලීය විශ්ව විද්‍යාල ශ්‍රේණිගත කිරීම් අතර ප්‍රමුඛ ස්ථානයක පසුවන සිංගප්පූරු ජනරජයේ සිංගප්පූරු ජාතික විශ්ව විද්‍යාලය හා ශ්‍රී ලංකාවේ අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය අතර අවබෝධතා ගිවිසුමකට එළඹීමට යෝජනා කර තිබේ. 

යෝජිත අවබෝධතා ගිවිසුමට එළඹීම මඟින් ශ්‍රී ලාංකීය සිසුන්ට සිංගප්පූරු ජාතික විශ්ව විද්‍යාලයේ ආචාර්ය උපාධි ඇතුළුව පශ්චාත් උපාධි හැදෑරීමටත්, ධාරිතා සංවර්ධන වැඩසටහන් සඳහා සහභාගි වීමටත්, ඒකාබද්ධ පර්යේෂණ සිදු කිරීමටත් අවස්ථාව හිමි වනු ඇත. එකී අවබෝධතා ගිවිසුමට අත්සන් තැබීම පිණිස අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය වශයෙන් අග්‍රාමාත්‍යවරිය  ඉදිරිපත් කළ යෝජනාව සඳහා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලබා දෙන ලදී.

 



අදහස් (3)

ලංකා සිසුන්ට සිංගප්පූරු උපාධි ගන්න ගිවිසුමක්

දුකා Tuesday, 29 April 2025 12:41 PM

කී දෙනෙක් සියදිවි නසා ගනීවිද දන්නෙ නෑ. මහ අමානුෂික රටක්. පවු අහිංසක ළමයි, මුකුත් දන්නෙ නැතිව ආචාර්ය උපාධි කරන්න යනවා. ශ්‍රේණිගතකිරීම් වැඩි වෙන්නේ කොහොමද කියලා හොයලා බලන්න. දන්න නිසා කියන්නේ, පුදුමාකාර විෂාද තත්ත්වයක් ඇති කරන මහ තක්කඩි රටක්. දරුවන්ට ආදරය තියෙනවා නම් ඔය මර උගුලට අසු වෙන්න එපා

:       6       6

ගුණරත්න Tuesday, 29 April 2025 02:16 PM

කාලෙකට ඉහතදී ඕස්ට්‍රේලියාවේ විශ්වවිද්‍යාල ලංකාවේ ශාඛා විවෘත කරලා අධ්‍යාපන අවස්ථා වැඩි කරන්න ආවම ඒකට මාරාන්තික උද්ගෝෂණ කරලා වැඩේ හබක් කරපු උදවියම ඒ විශ්ව විද්‍යාල වලම වෙනත් රට වල ඇති ශාඛා වලට සිසුන් යවන්න ගිවිසුම් අස්සන් කරනවා. ඕස්ට්‍රේලියන් විශ්ව විද්‍යාල ශාඛා මෙහෙ ඇති කළා නම් ඉන්දියාවෙන් අප්‍රිකාවෙන් දාස් ගානක් ශිෂ්‍යයන් ගෙන්වාගෙන මුදලට අධ්‍යාපනය දෙන්න තිබුන. කොටි දාස් ගානක් ජාතික ධනය ඉතුරු වෙන්නත් විදේශ විනිමය ලැබෙන්නත් තිබුන.

:       2       8

Neel Tuesday, 29 April 2025 06:49 PM

පුදුම කුහක කමක් තියෙන්නේ. ලංකාවේ ඉන්න ළින් මැඩීයෝ..

:       0       8

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 711 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2379 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1744 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site