(අංජුල මහික වීරරත්න)
යල කන්නයේදී වැඩි අස්වැන්නක් ලබා ගැනීම සඳහා දඹුල්ලේ ලොකු ලූනු බල්බ කිලෝග්‍රෑම් 75000ක් නුවරඑළියේ දී වසන්තීකරණයට ලක් කළ බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පවසයි.
බීජ හෝ පැළ අඩු උෂ්ණත්ව වලට භාජනය කිරීමෙන් පුෂ්ප හට ගැනීම උත්තේජනය කිරීම වසන්තීකරණය ලෙස හඳුන්වයි.
මෙම ක්‍රියාවලිය මගින් හොඳ තත්ත්වයේ ලොකු ලූනු බීජ කිලෝග්‍රෑම් 75,00ක් ලබා ගැනීමට අපේක්ෂිත බවද කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පවසයි.
වසන්තීකරණ ක්‍රියාවලිය යටතේ බීජ සිටුවීමට පෙර සති තුනක් සෙන්ටිග්‍රේට් අංශක 10-15 පමණ සිසිල් උෂ්ණත්වයක් යටතේ ලූනු බල්බ ගබඩා කර තැබිය යුතුය.
ලොකු ලූනු බල්බ වලින් වැඩි මල් ප්‍රමාණයක් හට ගන්වා ගැනීම සඳහා මෙම වසන්තීකරණ ක්‍රියාවලිය අත්‍යවශ්‍ය බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව කියයි.
මෙලෙස නිෂ්පාදනය කරන ලොකු ලූණු බීජ මගින් 2024 යල කන්නයේ දී හෙක්ටයාර් 2500ක ලොකු ලූනු වගා කිරීමට සැලසුම් කර ඇති බව ද කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
2023 යල කන්නයේ දී හෙක්ටයාර් 3500ක ලොකු ලූනු වගා කර තිබුනත් අස්වනු නෙලීමට පෙර එම වගා වැස්සට හසුවීම නිසා නිසි පරිදි අස්වනු ගැනීමට නොහැකි වූ බව ද කෘෂිකර්ම දෙපාර්තමේන්තුව කියයි
2025 දෙසැම්බර් මස 18
36
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
124
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
925
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ලොකු ලූනු මිල මට්ටු කරන්න වැඩක් අරඹයි
බී අමරසිංහ Wednesday, 27 December 2023 12:59 PM
හොඳයි. හොඳයි. බිත්තර වෙලෙන්දාට, මස් වෙලෙන්දාට, හාල් මෝල්කාරයින්ට පාඩම් ඉගැන්නුවා වගේම පාඩම් උගන්වන්න...
Nilanga Munasinghe Wednesday, 27 December 2023 02:15 PM
හොඳ වැඩක්.. මමද ළූණු වගාකිරීමට කැමැත්තෙන් සිටිමි...
P gunawardena Thursday, 28 December 2023 01:04 AM
මටත් ළූණු බීජ කිලෝ 0.5ක් වත් ලබා දෙන්න...