IMG-LOGO

2025 අගෝස්තු මස 05 වන අඟහරුවාදා


ලෝක බැංකු ආසියානු නියෝජිතයෝ අග්‍රාමාත්‍ය ලේකම් හමුවෙති

(යොහාන් භාසුර)

ලෝක බැංකුවේ දකුණු ආසියා කලාපයේ සෞභාග්‍යය පිළිබඳ කලාපීය අධ්‍යක්ෂ වර්ගිස් මහතා අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රි මහතාඅග්‍රාමාත්‍ය කාර්යාලයේදී හමුවිය.

ශ්‍රී ලංකාවේ වත්මන් ආර්ථික දැක්ම, දැනට ක්‍රියාත්මක ප්‍රතිසංස්කරණ සහ ලෝක බැංකුව සහ ශ්‍රී ලංකා රජය අතර සහයෝගීතාව වැඩිදියුණු කිරීමේ මාර්ග පිළිබඳව මෙම හමුවේදී සාකච්ඡා කෙරිණ.

සාකච්ඡා අතරතුර, ලෝක බැංකු නියෝජිත පිරිස ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියේ ප්‍රගතිය පිළිබඳව කෘතඥතාව පළ කළ අතර, ආර්ථික ස්ථාවරත්වය සඳහා වූ ධනාත්මක පියවරක් ලෙස රජයේ 2025  වර්ෂයේ අයවැය කතාව අගය කළහ. නියෝජිත පිරිස ඵලදායී ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමේ වැදගත්කම අවධාරණය කළ අතර බාධාවකින් තොරව අන්තර් නියෝජිතායතන සම්බන්ධීකරණය සහතික කිරීම සඳහා අග්‍රාමාත්‍ය කාර්යාලයේ වැදගත් කාර්යභාරය අවධාරණය කළහ.

අග්‍රාමාත්‍ය ලේකම් සපුතන්ත්‍රි මහතා රජයේ ප්‍රමුඛතා පිළිබඳ දළ විශ්ලේෂණයක් ඉදිරිපත් කළ අතර 2025 වර්ෂයේ අයවැය සහ ආර්ථික ස්ථාවරත්වය, යහපාලනය සහ තිරසාර සංවර්ධනය කෙරෙහි කේන්ද්‍රගත වී ඇති බව සඳහන් කළේය.



අදහස් (0)

ලෝක බැංකු ආසියානු නියෝජිතයෝ අග්‍රාමාත්‍ය ලේකම් හමුවෙති

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 229 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 387 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 724 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site