(අංජුල මහික වීරරත්න)
ලෝක බැංකුවේ කොන්දේසි ලිහිල් කර ගනිමින් ආධාර මුදලක් ඉල්ලීමට තිබූ අවසන් තත්පරයේ දී අදාළ ලේඛන ඉදිරිපත් කොට ඩොලර් මිලියන 450ක ආධාරයක් අනුමත කර ගැනීමට හැකිවී තිබෙි.
මුදල් අමාතයාංශ නිලධාරීන්, මහබැංකු අධිපති ඇතුළු නිලධාරීන් ලබාදුන් දත්ත මත පදනම්ව සකස් කළ අදාල ලේඛනය ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතා විසින් ඉදිරිපත් කළ අතර එය ලෝක බැංකු නිලධාරීන් විසින් පිළිගෙන ඇත.
අදාල ආධාර මුදල ලබාගැනීම සඳහා රජය විසින් සකස් කරන ලද ත්‍රෙයි පාර්ශවික වැඩසටහන ලෝක බැංකුව වෙත ඉදිරිපත් කළත් එය අනුමත කර ගැනීම වෙනුවෙන් අවස්ථා කිහිපයකදීම සාකච්ඡා කිරීමට සාගල රත්නායක මහතා ඇතුළු නිලධාරීන්ට සිදුවී ඇත.
සාකච්ඡා වට ගණනාවකින් පසු ලෝක බැංකු නිලධාරීන් ඉදිරිපත් කළ කොන්දේසි ගණනාවක් ලිහිල්කර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වී තිබෙි.
ලෝක බැංකුව ලංකාවේ වාර්තාව පිළිගැනීමත් සමඟ ඩොලර් මිලියන 450 ක අධාරය මෙම මුදල් වර්ෂය අවසන් වීමට ප්‍රථම ලංකාවට හිමිවනු ඇත.
ශ්රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්
ශ්රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ
ලෝක බැංකුව ඩොලර් මිලියන 450ක ආධාරයක් අනුමත කරයි
ලංකා Saturday, 03 June 2023 10:25 AM
මන්ත්‍රී රොත්තයි යාලුවො රොත්තයි දැනටත් බෙදාගෙන ඇති
Wimalcrc Saturday, 03 June 2023 01:44 PM
ජනමතයෙන් පරාද වෙච්චි අය ණය ඉල්ලන කොට ඉක්මණින් අනුමත කරලා දෙන ඔය ලෝක බැංකුව අපේ මේ බෙලහීන රාජ්‍යය ගොඩ එයි කියලා හිතන්න තරම් මෝඩයිද?
SUNIL MILANO Saturday, 03 June 2023 08:48 PM
දැන් ඉතින් අපත ජෙප්පන් ඇතුළු නඩයට... ඇස්වලට කටු අනිනවා වගේ ඇති...