
(අංජුල මහික වීරරත්න)
ආනයනික ත්‍රිත්ව සුපිරි පොහොර (TSP- Triple Super Phosphate) වෙනුවට ආදේශකයක් ලෙස සිංගල් සුපර් පොස්පේට් (SSP- Single Super Phosphate) පොහොර මෙරට පසට ඉතාමත් යෝග්‍ය බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව නිර්දේශ කර තිබේ.
එප්පාවල රොක් පොස්පේට් යොදා ගනිමින් නිෂ්පාදනය කරන සිංගල් සුපර් පොස්පේට් පොහොර වී වගාව ඇතුළු අනෙකුත් බෝග වගාවන් සඳහා යොදා ගැනීමට ජනාධිපති ලේකම් කාර්යාලයේ මෙහෙයවීම යටතේ පත් කර ඇති මෙහෙයුම් කමිටුව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයේ දී කළ සාකච්ඡාවකදී මෙම කරුණු අනාවරණය කෙරිණි.
ත්‍රිත්ව සුපිරි පොහොර මෙරටට ආනයනය කිරීම සඳහා වාර්ෂිකව ඩොලර් මිලියන 30ක මුදලක් වැය කිරීමට සිදුවේ. එමනිසා ඒ වෙනුවට ආදේශකයක් ලෙස සිංගල් සුපර් පොස්පේට් පොහොර භාවිතා කිරීම සම්බන්ධව සිදු කළ පර්යේෂණ මගින් මෙරට පසට එම පොහොර ඉතාමත් යෝග්‍ය බව අනාවරණය වී තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පසට යෝග්‍ය වෙලා විතරක් හරියන්නේ නෑ මහත්තයෝ... ගොවියාටත් යෝග්‍යවෙලා හොඳ අස්වැන්නක් ලැබෙන්න ඕනෑ.
පසට යෝග්‍ය වෙලා විතරක් හරියන්නේ නෑ මහත්තයෝ...! ගොවියාටත් යෝග්‍ය වෙලා හොඳ අස්වැන්නක් ලැබෙන්න අවශ්‍යයි. එක රැයින් මුළු ලංකාවේම රසායනික පොහොර තහනම් කරලා නටපු නෙයියාඩගම නිසා නටටම් වෙලා හිටිය ගොවියා දැන් තමයි පොඩ්ඩක් ඔලුව උස්සන්නේ. ඒක නිසා කරන දෙයක් හරියට කරන්න...
තවත් රජෙක් අනාගන්න වගේ...ලනු දෙන්න නම් එපා ගොවීන්ට...