(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
කොළඹ 5 තිඹිරි ගස්යාය ප්‍රදේශයේ දෙමහල් නිවසක ඉතා රහසිගත ලෙස ගබඩා කර තිබූ රුපියල් ලක්ෂ 75 ක් පමණ වටිනා විදේශීය මත්පැන් බෝතල් තොගයක් සමඟ නිවෙස් හිමිකරු වන කෝටිපති ව්‍යාපාරිකයා අත්අඩංගුවට ගත් බව කොළඹ නගරයේ සුරා බදු කාර්යාලය කියයි.
එම සැකකරු සමග විවිධ විදේශීය මත්පැන් බෝතල් 337 ක් සුරා බදු නිලධාරීන් සිය භාරයට ගෙන ඇත.
බදු සතියට සමගාමීව සුරා බදු කොමසාරිස් ජනරාල් උදය කුමාර නියෝග මත බස්නාහිර පළාත් සහකාර සුරා බදු කොමසාරි ජයන්ත ද සිල්වා මහතාගේ උපදෙස් මත කොළඹ නගරයේ සුරා බඳු කාර්යාලයේ නිලධාරීන් විසින් වැටලීම සිදුකර ඇත
.සුරාබදු කෝප්‍රල් (725) ධනංජය පුෂ්ප කුමාර මහතාවෙත ලද තොරතුරක් අනුව ව්‍යාපාරිකයාගේ දෙමහල් නිවස පිටුපසට වන්නට පිහිටි ගබඩා කාමරයක තුළ මෙම මත්පැන් තොගය ඉතා රහසිගත ලෙස ගබඩා කර තිබියදි සුරා බදු නිලධාරීන් සිය භාරයට ගෙන ඇත
රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්
මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
ලක්ෂ 75ක විදෙස්මත්පැන් තිඹිරිගස්යායෙන් අල්ලයි
සමන් - ඕමානය Wednesday, 04 June 2025 09:50 PM
මගේ දැනුමේ විදිහට, සුරාබදු නීති රෙගුලාසි අනුව, බලපත්‍රයක් රහිතව මත්පැන් ප්‍රවාහනය (බෝතල් දෙකකට වැඩි) තහනම්. ඒ වගේම, බලපත්‍ර රහිතව මත්පැන් අලෙවිය තහනම්. නමුත්, තම පරිභෝජනය සඳහා නිවසේ මත්පැන් ගබඩා කරගෙන තැබීමට නීතියෙන් තහනමක් නෑ. මේ පිළිබඳව හොඳින් දන්නා කෙනෙක් පැහැදිලි කිරීමක් කළහොත් යහපති...
maalaka Thursday, 05 June 2025 07:10 AM
මේ විදිහට කළු සල්ලි හම්බ කරලා ලෝකයට පේන්න උජාරුවට ජීවත් වෙන අය කොළඹ සමාජයේ පිරිලා.