(ටී.කේ.ජී.කපිල )
විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන එමින් සිටියදී පුද්ගලයන් දෙදෙනෙකු කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ දී පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන තිබේ .
එහි වටිනාකම රුපියල් ලක්ෂ 15 කි. මෙයින් පළමු වැටලීම ඕමානයේ මස්කට් නුවර සිට ගුවන් තොටුපොළ වෙත පැමිණි කුරුවිට , පරකඩුව ප්‍රදේශයේ පදිංචි 39 හැවිරිදි හෝටල් ක්ෂේත්‍රයේ රැකියාවක නිරත පුද්ගලයෙකි .
ඔහු සිය ගමන් මලු වල රුපියල් අට ලක්ෂ හැට දහසක් වටිනා විදේශීය නිෂ්පාදිත දුම්වැටි 8,600 ක් අඩංගු දුම්වැටි කාටූන් 43 ක් සගවා ගෙන කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියදී පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන තිබුණි .
ඊට අමතරව කොළඹ - 14 , නාගලගම් වීදියේ පදිංචි 29 හැවිරිදි පුද්ගලයෙකු ඩුබායි සිට පැමිණ තිබූ අතර , ඔහුගේ ගමන් මලු අතපසු වී ගුවන් තොටුපොළ තුළ දමා ගොස් තිබුණි .
ඔහු එම ගමන් මලු කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ , රැගෙන යමින් සිටියදී , ඒවා තුළ සගවා ගෙන තිබූ රුපියල් හය ලක්ෂ හතලිස් දහසක් වටිනා විදේශීය නිෂ්පාදිත දුම්වැටි 6,400 ක් අඩංගු දුම්වැටි කාටූන් 32 සොයා ගෙන පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් අත් අඩංගුවට ගෙන තිබුණි .
තලවකැලේ, ඉහල කොත්මලා ජලාශයේ පාවෙමින් තිබියදී පාසල් සිසුවියකගේ සිරුරක් සොයා ගත්බව තලවකැලේ පොලීසිය පවසයි.
පාර්ලිමේන්තුවේ භෝජනාගාර අංශයෙන් දෙන කෑම කිසිම ගුණාත්මකභාවයක් නැතැයි මන්ත්‍රීවරුන් පිරිසක් කතානායකවරයාට පැමිණිලි කර ඇත.
කුඹුක්කන් ඔයේ දියනෑමට ගොස් ඝාතනයට ලක්වූ බව සැකකෙරෙන දෙදරු මවකගේ මළසිරුරක් ලුණුගල කුබුක්කන් ඔයේ තිබියදී හමුවූ බව ලුණුගල පොලිසිය පවසයි .
හොරණ ග්‍රේස්ලන්ඩ්වත්ත ප්‍රදේශයේ දී පසුගිය 5 වැනිදා ව්‍යාපාරිකයෙකුට වෙඩිතැබීම සිදුකළ වෙඩික්කරු අත්අඩංගුවට ගත්බව කළුතර අපරාධ කොට්ඨාසය පවසයි.
මෙවර යල කන්නයේ දී දිස්ත්‍රික්ක 15ක වී වගාවේ පළිබෝධ නාශක ඉසීම ඩ්‍රෝන තාක්ෂණය යොදාගනිමින් සිදු කිරීමට කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය පියවර ගෙන
ගලගොඩඅත්තේ ඥානසාරහිමිට ජනාධිපති සමාව ලබා දෙන්නැයි ඉල්ලා තෛයිනිකායික මහනාහිමිවරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ලිපියක් යොමු කර තිබේ.
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
ලක්ෂ 15ක දුම්වැටි රේගුවේ හිරවෙයි