(හිරාන් ප්‍රියංකර ජයසිංහ )
නොරෝච්චෝල ලක්විජය බලාගාරයෙ තුන්වන ජනන යන්ත්‍රය වාර්ෂීක නඩත්තුවක් සදහා දින 25 කට අද(13 ) රාත්‍රියේ සිට ජනන කටයුතු නවතා දමන බව විදුලි බල මණ්ඩල ඉහළ නිළධාරීයකු කළ විමසිමේදි පැවසිය.
ලක්විජය බලාගාරයෙ පළමු, දෙවන හා තුන්වන අදියර තුනක් ඇති අතර එයින් තුන්වන ජනන යන්ත්‍රය මෙලෙස ජනන කටයුතු නවතා වාර්ෂීකව සිදුකරන නඩත්තුව සිදු කිරීමට නියමිත බවද කියයි.
නොරෝච්චෝල බලාගාරයෙන් ජාතික විදුලි පද්ධතියට මෙගාවෝට් 900 කට ආසන්න විදුලි ධාරීතාවයක් ලබා දෙන අතර තුන්වන අදියර නැවතී යාමත් සමඟ එය මෙගාවොට් 600 කට ආසන්න සිමාවකට යටත් වන බව කියයි.
කෙසේ නමුත් තුන්වන ජනන යන්ත්‍රය දින 25 ක නඩත්තුවට නවතා දැමුවද රටේ විදුලි අවශ්‍යතාවයට කිසිදු ගැටළුවක් නොවන බව විදුලි බල මණ්ඩල ඉහල නිළධාරීන් පවසයි.
රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්
මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
ලක්විජය එක් ජනන යන්ත්‍රයක් දින 25කට නවති
රුවන් Friday, 13 June 2025 02:02 PM
මහින්ද යුගයේ සිට ඩොලර් බිලියන ගානක් වියදම් කරලා තියෙනවා මේකට. හදන්න ඩොලර් බිලියන 1යි. ඇත්තටම මෙකෙන් රටට සෙතක් වුනා ද? අදායම් වලට පරයා වියදම්. හදපු දවසේ සිට කැඩෙනවා. රුසියාවේ, ඇමරිකාවේ විදුලි බලාගාර අවුරුදු 50-60 දුවන්න විදියට හදනවා. ලංකාවේ මාස 3යි කැඩෙනවා.
Bunny Preena Saturday, 14 June 2025 11:51 AM
නොරොච්චෝල දැන් හරිම කරච්චලයක් වෙලා තියෙන්නේ. නිතරම කැඩෙනවා. අලුත් එකක් කියලා වංචනික විදිහට අබලන් එකක් ගෙනැල්ලා හයි කරලා වගේ...