(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
හෙරොයින් ජාවාරමෙන් උපයාගන්නා ලද රුපියල් ලක්ෂ 82 ක මුදලක් හා මුදල් ගණන් කිරීමේ විද්‍යුත් යන්ත්‍රයක් සමග පුද්ගලයන් දෙදෙනෙක් කොළඹ කෙසෙල්වත්ත ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බලකාය කියයි.
ශ්‍රී ලංකාවේ පවත්නා නීතියට පටහැනිව උණ්ඩියල් ක්‍රමය යටතේ හුවමාරු කිරීමේ අරමුණින් එම මුදල් සන්තකයේ තබාගෙන සිටි වත්තල, ප්‍රදේශයේ වයස අවුරුදු 39 පුද්ගලයකු සහ ඒ සඳහා ආධාර අනුබල ලබා දුන් වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 62 වන පුද්ගලයකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා කෙසෙල්වත්ත පොලිස් ස්ථානය වෙත භාර දී තිබේ..
විශේෂ කාර්ය බලකාය මූලස්ථාන කඳවුරේ ස්ථාපිත විශේෂ වැටලීම් ඒකකයේ නිලධාරීන්ට නාවික හමුදා බුද්ධි අංශය මඟින් ලද තොරතුරකට අනුව විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරී නියෝජ්‍ය පොලිස්පති නීතීඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග හා උපදෙස් පරිදි සහකාර පොලිස් අධිකාරි (බුද්ධි/විශේෂ මෙහෙයුම්/ මත්ද්‍රව්‍ය නාශක හා සංවිධානාත්මක අපරාධ මර්ධන) සාගර කුලසේකර මහතාගේ අධීක්ෂණය මත මූලස්ථාන කඳවුරේ විශේෂ වැටලීම් ඒකකයේ ස්ථානධිපති පොලිස් පරික්ෂක බී.එස්.එච්. පීරිස් ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් හා යතුරුපැදි කණ්ඩායමේ නිලධාරීන් සමග වැටලීම සිදු කර ඇත.
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
ලක්ෂ 82 ක මුදල් සමඟ දෙදෙනකු අල්ලයි