IMG-LOGO

ලක්ෂ 80 ක මස් සමග දෙදනකු පොලිස් දැලේ

(දයාරත්න ඇඹෝගම)

බලපත්‍ර නොමැතිව රුපියල් ලක්ෂ අසු අටක් වටිනා  ගවමස් හා එළුමස් කිලෝ 2,800.00 ක් ශීතකරණයක් සහිත ලොරි රථයකින් ගලෙන්බිදුණුවැව සිට නුගේගොඩ දනක්වා ප්‍රවාහනය කරමින් සිටියදි සැකකරුවන් දෙදෙනෙකු සමග පුල්ලේයාර් හන්දිය අසලදි අත්අඩංගුවට ගත්බව අනුරාධපුර පොලිසිය කියයි.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ අඹන්පොල හා මාලිගාවත්තේ පදිංචි වයස අවුරැදු 56 හා 57 හැවිරිදි වියේ පසුවන පුද්ගලයන් දෙදෙනෙකි.

අනවසරයෙන් ලොරි රථයකින් ගවමස් ප්‍රවාහනය කරන බවට පොලිසියට ලද තොරතුරක් මත පුල්ලේයාර් හන්දිය අසල සේවයේ නිලධාරින් විසින් මෙම ලොරි රථය නවතා පරික්ෂා කොට තිබේ.

එහිදි එළ ගවයන්,මී ගවයන් සහ එළුවන්ගේ රැපියල් ලක්ෂ 88 ක් වටිනා මස් කිලෝ 2800ක් සහ එළ හා මි ගවයන්ගේ කදින් වෙන් කළ ඔලු 42 ක්ද එළුවන්ගේ ඔලු 07ක්ද තිබු බව පොලිසිය කියයි.

සැකකරුවන් අත්අඩංගුවට ගැනිමට සුදානම් වන අවස්ථාවේදි වැටලිම සිදුකළ කොට්ඨාශ අපරාධ විමර්ශණ කාර්යංශයේ ස්ථානාධිපති  චමින්ද ගුණසේකර මහතා ඇතුළු පොලිස් නිලධාරින්ට සැකකරුවන් විසින් රුපියල් ලක්ෂ තුනක අල්ලස් මුදලක් ලබාදි අත්අඩංගුවෙන් මිදිමට දැඩි  උත්සහයක නිරතවුවද ස්ථානාධිපතිවරයා විසින් එම ඉල්ලිම ප්‍රතික්ෂේප කොට සැකකරුවන් අනුරාධපුර මුලස්ථාන පොලිසිය වෙත රැගෙන ආහ.

සැකකරැවන් අද (09)දින අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතව තිබුණි.

 

 



අදහස් (1)

ලක්ෂ 80 ක මස් සමග දෙදනකු පොලිස් දැලේ

Kanchana Monday, 10 July 2023 10:23 AM

ඇනිවාර්යයෙන් ඔය සත්තු මරන්න ඇත්තෙ අර සරම කොටාට අඳින අය වෙන්ඩ ඔනෙ

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 53 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 236 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 49 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

Our Group Site