IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


ලක්ෂ 7 ක මත් කුඩු සමඟ තිදෙනකු අල්ලයි

 (තුසිත කුමාර ද සිල්වා)

දර්ගා නගරයේ බොන්දුපිටිය මුදලි ගම ප්‍රදේශයේ දී  රුපියල් ලක්ෂ 7කට අධික මත්කුඩු  ග්‍රෑම් 19යි  ක් සමග  සැකකරුවන් තිදෙනකු   අත්අඩංගුවට ගත් බව  අලුත්ගම විශේෂ  කාර්ය බලකා කඳවුරේ  අණදෙන නිලධාරි වරයා අද (28) පැවසීය .

ජාවාරමට  සම්බන්ධ ප්‍රධාන සැකකරු  22  හැවිරිදි බොන්දුපිටිය පදිංචිකරුවකු බවත්  සෙසු සැකකරුවන් දෙදෙනා බේරුවල  සහ දර්ගා නගරයේ පදිංචි වන බවත්  එම නිලධාරීන් කියයි .

කාලෙක පටන් මෙම ජාවාරම් සිදුකරන  බවට  ලද තොරතුරු මත කාලයක් පුරා කරන ලද දීර්ඝ විමර්ශනයකින් පසු  සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට කටයුතු කළ බව කියයි.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අධිකරණයට  ඉදිරිපත් අධිකරණය ඉදිරිපත් කිරීමට නියමිතය .

විශේෂ කාර්ය බලකායේ අණදෙන නිලධාරී නියෝජ්‍ය පොලිස්පති නීතිඥ වරුණ ජයසුන්දර මහතාගේ මෙහෙයවීමෙන් කලුතර කලාප අණදෙන නිලධාරි ( වැඩබලන )සහකාර පොලිස් අධිකාරී  අසිත රණසූරිය මහතාගේ උපදෙස් මත  අලුත්ගම විශේෂ කාර්ය බලකා කඳවුරේ අණදෙන නිලධාරී  පොලිස් පරීක්ෂක ජේ.ඩි.ඩබ්ලිව් ජයකොඩි මහතා ඇතුළු අලුත්ගම  කඳවුරේ සැරයක් කොස්තාපල්වරු  දොළොස් දෙනකුගෙන් යුතු කණ්ඩායමක්   මෙම සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට කටයුතු කළ බව කියයි .

 

 



අදහස් (0)

ලක්ෂ 7 ක මත් කුඩු සමඟ තිදෙනකු අල්ලයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 675 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 325 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1114 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site