IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


ලක්ෂ 60ක දුරකතන සොරාගත් 3ක් මාට්ටු

( හිරාන් ප්‍රියංකර ජයසිංහ )

පුත්තලම නගරයේ දුරකථන අලෙවි සැලකින් සොරා ගෙන තිබු ලක්ෂ 60 කට ආසන්න දුරකථන තොගයෙන් අඩක් හා එය අලෙවි කරමින් සන්තකයෙ තබා ගත් සැකකරුවන් තිදෙනෙකු කාත්තන්කුඩි ප්‍රදේශයෙදී අද(21 ) අලුයම අත් අඩංගුවට ගත් බව පුත්තලම කොඨඨාශ අපරාධ විමර්ශණ  ඒකකය පවසයි.

අදාල දුරකථන අලෙවි සැලෙන් සොරා ගෙන තිබු දුරකථන තොගයෙන් දුරකථන 30 කට ආසන්න සංඛ්‍යාවක් හා කාත්තන්කුඩි පදිංචි වයස අවුරුදු 18, 20, 24 සිමාවල සැකකරුවන් තිදෙනෙකු මෙසේ අත් අඩංගුවට ගත් බව කියයි.

පසුගිය මාර්තු මාසයෙ 27 දින රාත්‍රියේ පුත්තලම නගරයෙ කේ.කේ .විදියෙ පිහිටි දුරකථන අලෙවි සැලට වහලයෙන් ඇතුළු වී රුපියල් ලක්ෂ 60 කට ආසන්න වටිනාකමකින් යුත් දුරකථන 75 ක් සොරා ගෙන තිබු බව කියයි.

ඒ සම්බන්ධව පුත්තලම මූලස්ථාන පොලිසියට පැමිනිල්ලක් ලැබි තිබු අතර එය වහාම පරික්ෂණ සදහා පුත්තලම කොඨඨාශ අපරාධ විමර්ශන ඒකකය වෙත යොමු කර පරික්ෂණ ආරම්භ කිරීමට ඉහල පොලිස් නිළධාරින් කටයුතු කර තිබුනී.

නමුත් මෙම විමර්ශන වලදි කිසිදු ස්ථානයකින් මෙම සොරා ගැනිම සම්බන්ධ සි.සි.ටි.වි දර්ශන සොයා ගැනිමට නොහැකි වි තිබු බවත් ඒ තරමට මෙම සොරකම සුක්ෂම අයුරින් සිදුකිරීම හමුවේ පරික්ෂණ වලට එක්වු කොඨඨාශ අපරාධ විමර්ශන ඒකකයෙ නිළධාරින් ගැටළුකාරි තත්වයකට යොමු කර තිබු බව කියයි.

නමුත් මෙම ඒකකයෙ නිළධාරින්ගෙ දක්ෂතාව මත මේ පිළිබදව පුර්ණ විමර්ශනයකින් පසු කාත්තන්කුඩි ප්‍රදේශයෙ පිරිසක් දුරකථන අලෙවි කරමින් සිටින බවට ලැබුණ තොරතුරක් මත එම හෝඩුවාව මත විමර්ශන ආරම්භ කිරීමට කටයුතු කර තිබුනී.

එම විමර්ශන සදහා අදාල නිළධාරින් සුක්ෂම ලෙස අදාල ප්‍රදේශයෙ රැදි සිටිමින් මෙම සැකකරුවන් පිරිස අත් අඩංගුවට ගෙන ප්‍රශ්ණ කිරීමේදි ඒ වන විටත් විකුණා තිබු ලක්ෂ 30 කට ආසන්න දුරකථන තොගයක් සොයා ගැනිමට කටයුතු කල බව කියයි.

කෙසේ නමුත් පරික්ෂණ වලදි හෙලිව ඇත්තේ මෙම සැකකරුවන් දුරකථන අලේවි සැලට පැමින සොර ගැනිම සිදු කල පිරිස් නොවන බවත් එය වෙනත් කන්ඩායමක් විසින් සිදුකර මොවුන් මෙම දුරකථන අලෙවි කිරීමට යොදා ගත් පිරිසක් බවය.

ඒ සමගම මෙම සැකකරුවන් ට අමතරව මෙම සොරකමේ ප්‍රධාන මොළ කරු ඇතුළු තවත් සැකකරුවන් සිව් දෙනෙකු සොයා පරික්ෂණ ආරම්භ කර ඇති බව කොඨඨාශ අපරාධ විමර්ශන ඒකකය පවසයි.

අත් අඩංගුවට ගත් සැකකරුවන් අද (21) පුත්තලම අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිය.

 



අදහස් (0)

ලක්ෂ 60ක දුරකතන සොරාගත් 3ක් මාට්ටු

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 487 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 258 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1054 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site