( අමදෝරු අමරජිව සහ ඉන්දිකා රාමනායක)
ත්‍රිකුණාමලය කොටුව මුහුදේ මාලු අල්ලමින් තිබු ධිවර යාත්‍රාවක අල්ලන ලද මාලු තොගයක් ඊයේ (22) පස්වරුවේ තවත් බෝට්ටු තුනකින් පැමිණි පිරිසක් කොල්ල කා පලාගොස් ඇතැයි ත්‍රිකුණාමල වරාය පොලිසිය කියයි.
ත්‍රිකුණාමලය කෝණේශ්වරන් කොටුව මුහුදේ ගොඩබිම සිට නාවික සැතපුම් 11ක් ඈතින් මෙම මංකොල්ලය සිදු වි ඇති අතර එම යාත්‍රාවේ අල්ලන ලද රුපියල් ලක්ෂ හයක් වටිනා මාලු මෙසේ කොල්ලකා ඇතැයි වරයා පොලිසිය කියයි.
සිද්ධිය සම්බන්ධයෙන් කින්නියා ප්‍රදේශයේ පදිංචි ධිවරයන් පිරිසක් වරාය පොලිසියට පැමිණිලි කර ඇති අතර පිටත එන්ජින් සවිකරණ යාත්‍රා තුනකින් දහදෙනෙකුගෙන් යුත් පිරිසක් පැමිණ මෙම කොල්ලකෑම සිදුකර ඇති බව ධිවර පිරිස කියයි.
කොල්ලකෑමට රැගෙන ආ ධිවර යාත්‍රා තුනේ ලියාපදිංචි අංක පොලිසියට ලබාදි ඇති අතර සිද්ධීය සම්බන්ධයෙන් ත්‍රිකුණාමල වරාය පොලිසිය වැඩිදුර පරික්ෂණ පවත්වාගෙන යයි.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
ලක්ෂ 6ක මාළු බෝට්ටු තුනකින් ඇවිත් කොල්ල කාලා