
(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
රුපියල් ලක්ෂ 6කට අධික වටිනාකමකින් යුත් අයිස් මත් ද්‍රව්‍ය තොගයක් සමග සුරාබදු නියාමකවරයෙකු ගුවන් හමුදා බුද්ධි අංශ හා පුත්තලම කොට්ඨාස දුෂණ මර්දන අංශය එක්ව කළ වැටලිමකදි අද (23) අලුයම අත්අඩංගුවට ගෙන තිබේ.
මෙසේ අත්අඩංගුවට ගත් සුරාබදු නියාමකවරයා අනුරාධපුර සුරා බදු කාර්යාලයේ කොස්තාපල් වරයකු බව පරීක්ෂණවලදි අනාවරණය වී තිබේ.
සුරා බදු නියාමක සමග අයිස් මත්ද්‍රව්‍ය තොගයේ ග්‍රෑම් 150 ක ප්‍රමාණයක් හමුවී ඇත.
ඔහු සමඟ මත්ද්‍රව්‍ය මිලදීගැනීමට පැමිනි කාන්තාවන් 5දෙනෙකු, තරුණයින් දෙදෙනෙකුද හා කුඩා දරුවකුද අත්අඩංගුවට ගත් බව කියයි. අත්අඩංගුවට ගත් පිරිස අනුරාධපුර කැකිරාව ප්‍රදේශයේ පදිංචිකරුවන්ය.
ගුවන් හමුදා බුද්ධි අංශයට ලද තොරතුරක් මත පුත්තලම කොට්ඨාස දුෂණ මර්දන අංශයේ නිලධාරින් විසින් මෙම වැටලීම කර තිබේ. මෙම වැටලීම සිදුවන අවස්ථාවේදි මෙම සුරාබදු නියාමකයාට අයිස් මත් ද්‍රව්‍ය ලබා දුන් පුත්තලම සුරා බදු කාර්යාලයේ සුරා බදු පරීක්ෂකවරයා සුඛෝපභෝගි මෝටර් රථයෙන් පලා ගොස් ඇති බව කියයි.
පුත්තලම අනුරාධපුර මාර්ගයේ සාලියවැව ආසන්නයේදි නිලධාරීන්, සුරාබදු නියාමක ගමන්ගත් වෑන් රථය හරස් කරමින් සැකකරුවන් පිරිස අත් අඩංගුවට ගෙන ඇත.
පලා ගිය සුරාබදු පරීක්ෂකවරයා හා මෝටර් රථය අත් අඩංගුවට ගැනිමට මේ වන විට පොලිස් කණ්ඩායම් කිපයක් යොදවා ඇති බව කියයි. අත්අඩංගුවට ගත් සැකකරුවන් පුත්තලම මුලස්ථානයේ මේ වන විට රඳවා තිබේ.
කලක සිට මෙම ජාවාරම සිදුව ඇති බවට මේ වන විට අනාවරණය වී ඇති අතර අත්අඩංගුවට පත් සුරා බදු නියාමකවරයා ඇතුළු පිරිස අද පුත්තලම අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

2025 නොවැම්බර් මස 04
459
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2211
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1661
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ලක්ෂ 6ක අයිස් මත්ද්‍රව්‍ය සමඟ සුරාබදු නියාමක අත්අඩංගුවට
SL Thursday, 23 July 2020 01:18 AM
මේකත් දැන් මෙක්සිකෝව වගේ. රටට ආරක්ෂාව දෙනවයි කියලා හිතාගෙන ඉන්න අය රටෙ තරුණයින් ට කුඩු පොවනවා.
mangala Thursday, 23 July 2020 02:16 AM
ලංකාව හරියට උතුරු ඇමෙරිකාව වගෙයි.. හැමතැනම කුඩු ආණ්ඩුවට හමුදාවට කිසිම දෙයක් කර ගන්න බැහැ. බොරුව ගෙනියන්නනේ...
සමිත සේනක අලුත්ගමගේ. Thursday, 23 July 2020 03:22 AM
සුරාබදු අංශවල බොහෝ නිලධාරීන් අල්ලස දූෂණය හා ඒවා ආදායම් කරගත් අය. මේ රටේ තිබෙන බොහෝ මත්පැන් ශාලා රාත්‍රී කාලයේ දී මත්පැන් බෝතල් වලට කසිප්පු කලවම් කොට සීල් මූඩි ගලවා නැවත සීල් කොට පෙරසේම වෙළඳාමට තබනවා. මේවට කුමන ආකාරයකින් හෝ සුරාබදු අංශ සම්බන්ධයි. ඒ නිසා හොයා බලන්නේ නැහැ. මේ නිසා මත්පැන් පානය කරන්නන් ප්‍රමිතියට නොමැති මත්පැන් පානය නිසා නොයෙකුත් ලෙඩ රෝගවලට පාත්‍රවෙනවා. මෙය දන්නා සමහර දෙනා තම විශ්වාසය දිනාගත් ඇතැම් සුපිරි මත්පැන්හල් වලින් ඒවා මිලදී ගන්නවා. ඒත්, සාමාන්‍ය දුප්පත් මත්පැන් බොන්නා එසේ බැරි නිසා වතුර කලවම් කරන ලද මත්පැන් පානය කරනු පෙනෙයි. මේවා සොයා බලන්නට සුරාබදු අංශ කටයුතු නොකරන්නේ හොර සුරා කරුවන්ගේ මුදලට යටවී නොවෙයිද? මෙවැනි සුරාබදු අංශ මුදල් වෙනුවෙන් කුඩු විකිණුවේ නැතිනම් තමයි පුදුමෙ...!!!
සමිත සේනක අලුත්ගමගේ.Thursday, 23 July 2020 08:13 AM
ඉහත "ඒත්, සාමාන්‍ය දුප්පත් මත්පැන් බොන්නා එසේ බැරි නිසා විෂ වතුර කලවම් කරන ලද මත්පැන් පානය කරනු පෙනේ " යනුවෙන් නිවැරදි විය යුතුයි.
asiri Thursday, 23 July 2020 03:28 AM
මේ වගේ මිනිසුන්ට දෙන්න ඕන මරණ දඬුවම.
nimalThursday, 23 July 2020 06:30 AM
එතකොට ඕවා ගෙනෙන අයට මොකක්ද දෙන දඬුවම.?
සපුමල්.(Sapumal.)Thursday, 23 July 2020 08:06 AM
නිකන් අනුන්ගේ ඒවාට පැන පැන දෙන්නේ නැතිව දෙන දඬුවම ඔයාම කියන්නකෝ.. ඔයා ඉතින් හැමදේම දන්න කෙනානේ. මේ නිසා දඬුවම ඔයාම කිව්වා නම් තමයි වඩා හොඳ.
K Perera Thursday, 23 July 2020 04:23 AM
මේ අයගේ දේපළ රාජසන්තක කරලා මරණ දඬුවම දෙන්න ඕන.