
(සුමිත් පොතුපිටිය)
රුපියල් ලක්ෂ 50ක් වැය කර කළුතර ප්‍රාදේශීය සභාවට මිළදී ගත් ජෙනරේටර් තුනක වයර් මීයන් කා දැමීම සහ බැටරි ආරෝපණය නොකිරීමෙන් විනාශවී ඇති බව එහි සේවකයෝ චෝදනා කරති.
වස්කඩුව ප්‍රධාන කාර්යාලයේ, වස්කඩුව සහ ඇටවිල ආදාහනාගාරයේ ස්ථාපනය කර ඇති විශාල ජෙනරේටර් මෙසේ විනාශවී ඇති බව සදහන් වේ.
වස්කඩුව ප්‍රධාන කාර්යාලයේ ජෙනරේටරයේ වයර් මියන් කා දමා ඇති බවත්,ඇටවිල ආදාල කාර්යාලයේ තාක්ෂණික දෝෂයක් සහ වස්කඩුව ආදාහනාගාරයේ බැටරිය ආරෝපණය නොවීම යන ගැටලු හේතුවෙන් මෙසේ විනාශ වෙමින් පවතින බව වාර්තාවේ.
වස්කඩුව ආදාහනාගාරයේ ජෙනරේටරය ක්‍රියාකර ඇත්තේ පැය 18 ක් පමණක් බවත් , අනෙක් ජෙනරේටර් ක්‍රියාත්මකවූ කාලය ලොකු වෙනසක් නොමැති බවත් එහි සේවකයෙක් කීය.
මිළදී ගැනීම සම්බන්දයෙන් පසුගිය සභා රැස්වීම්වලදී ආන්දෝලනාත්මක තත්ත්වයක් මතුවූ බවත්, රට ආර්ථික අර්බුදයක පවතින වකවානුවක මෙසේ ජනතා මුදල් විනාශවීම වළක්වා ගැනීම බළධාරීන්ගේ වගකීමක් බවත් සභාවේ සුළු සේවකයෝ පවසති.
මේ පිළිබඳ අදහස් දැක්වූ කළුතර ප්‍රාදේශීය සභාවේ වැඩ අධිකාරී ගීත් කල්යාන මහතා මෙසේ කීය. ජෙනරේටර් තුන මේ වනවිට ක්‍රියාකරන්නේ නෑ. වගකීම කාලය නිමාවුවත් අමතර කොටස් සභාවේ මුදලින් ලබාදී සේවාව සිදුකිරීමට ආයතන එකගවී තිබෙනවා.
2025 දෙසැම්බර් මස 18
468
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
251
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1042
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ලක්ෂ 50 ජෙනි තුනක් මීයන්ට දීලා