IMG-LOGO

2025 ජුලි මස 03 වන බ්‍රහස්පතින්දා


ලක්ෂ 46 ලාභයක් ගන්න ගිය ඉන්ධන හලට වුණ දේ

(ඉන්දිකා රාමනායක)

ඉන්ධන ලීටර් 50,000 ආසන්න ප්‍රමාණයක් සඟවාගෙන සිට නව මිළට අලෙවි කිරීමට තැත්කළ මුල්ලේරියාව ගල්වාන හංදිය ඉන්ධන පිරවුම් හලක්, ඛණිජ තෙල් නීතිගගත සංස්ථාව හා මුල්ලේරියාව පොලිසිය එක්ව අද (24) වටලා එහි තිබු සියලු ඉන්ධන තොග ජනතාව වෙත පැරණි මිළටම අලෙවි කරන ලෙසට නියොග කළ බව මුල්ලේරියාව පොලිසිය පවසයි.

මෙම ඉන්ධන හලට පෙරේදා (23) රාත්‍රියේ බවුසර් 3 න් ඉන්ධන ලබාගෙන ඇති බවත්, ඉන්ධන හලේ සේවකයින් රාත්‍රි 9.00 ට පමණ එම සියලු ඉන්ධන සඟවාගෙන සිට ඉන්ධන අවසන් බවට දැනුම් දී , පසුදින එනම් ඊයේ පෙරවරුවේ සිට නව මිළට එම ඉන්ධන ලබා දීමට ක්‍රියාකර ඇති බවද එම ආරංචි මාර්ග පවසයි.

මේ සම්බන්ධයෙන් ලද මහජන පැමිණිලි මත ඛණිජ තෙල් නීතිගත සංස්ථා නිලධාරීන් සහ මුල්ලේරියාව පොලිසියේ එක්ව ඊයේ එම ඉන්ධන හල වටලා එහි සඟවාගෙන සිටි ඉන්ධන තොගය සොයාගෙන ගත් බව එම ආරංචි මාර්ග පවසයි.

නිලධාරීන් ඊයේ පෙරවරුවේ පැය කිහිපයක් එම ඉන්ධන හලට මුද්‍ර තබා එහි ඇති ඉන්ධන තොග පරීක්ෂා කිරීමේ දී එහි සුපිරි ඩීසල් ලීටර් 11,131 ක්, ඔටෝ ඩීසල් ලීටර් 13,181 ක ප්‍රමාණයක් ,ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටර් 11,534, ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටර් 13,188 ක්, සගවාගෙන සිටියදී සොයාගත් බව පොලිස් ආරංචි මාර්ග පවසයි. මෙම ඉන්ධනහල් හිමියා මෙම ඉන්ධන තොගය සගවාගෙන සිට නව මිළට අලෙවි කර රුපියල් ලක්ෂ 46 ක් ලාභයක් ලබා ගැනීමට උත්සහ ගෙන තිබු බවද පොලිස් ආරංචි මාර්ග කියයි.

මෙම ඉන්ධන ගොලය අවසන් වනතෙක්ම පැරණි මිළටම එම ඉන්ධන අලෙවි කරන ලෙසට ලැබුණු නියෝගය අනුව ඉන්ධනහල් හිමියන් කටයුතු කර තිබු බවද පොලිස් ආරංචි මාර්ග පවසයි.

.



අදහස් (0)

ලක්ෂ 46 ලාභයක් ගන්න ගිය ඉන්ධන හලට වුණ දේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 222 0
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 722 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 138 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

Our Group Site