IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


ලක්ෂ 17ක හෙරොයින් සමඟ හිටපු කාලතුවක්කු සෙබළා අල්ලයි

(බී.ජී. චතුරංග )

කරන්දෙණිය ප්‍රදේශයේ විසූ "හිත හොඳ දොස්තර" ඝාතනය කර, දැනට ඩුබායි රටේ සැඟව සිටින ප්‍රධාන පෙලේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන කරන්දෙණිය සුද්දාගේ හෙරොයින් මත්කුඩු "ඊසි කෑෂ්" ක්‍රමයට අනුරාධපුරයේ බෙදා හැරි ඔහුගේ  ප්‍රධාන ගෝලයෙකු වන හිටපු කාලතුවක්කු රෙජිමේන්තු සෙබළෙකු  සහ ගැනුම්කරුවන් පස් දෙනෙකු, රුපියල්  ලක්ෂ 17කට වැඩි හෙරොයින් මත්  කුඩු තොගයක් සමග අත්අඩංගුවට ගත් බව අනුරාධපුර කොට්ඨාශ අපරාධ විමර්ශන  කාර්යාංශය පවසයි. 

අනුරාධපුර නගරයේ  ජාත්‍යන්තර පාසලක් ඉදිරිපිටදී මෙලෙස අත්අඩංගුවට පත්ව ඇති ප්‍රධාන සැකකරු   නුවර පාර, වන්නියම්කුලම, අනුරාධපුර ලිපිනයේ  පදිංචි හිටපු යුද හමුදා සෙබළෙකු  වන අතර, අත්අඩංගුවට ගත්සෙසු සැකකරුවන් මත් කුඩු මිලදී ගැනීමට පැමිණ සිටි   තලාව , දේවානම්පියතිස්සපුර , සාලියපුර, මාතලේ හන්දිය යන ප්‍රදේශවල පදිංචි වයස අවුරුදු 25ත් 40ත් හතර වියේ පසුවන පුද්ගලයන් බව පොලීසිය සඳහන් කළේය.

මෙම හෙරොයින් ජාවාරම්කරු , කරන්දෙනිය ප්‍රදේශයේදී වෛද්‍යවරයෙකු ඝාතනය කර දැනට ඩුබායිවල පදිංචිව සිටින ' කරන්දෙනියේ සුද්දා ' ගේ ගෝලයකු බවත් මොහු  ක්‍රමය යටතේ හෙරොයින් අලෙවි සිදු කරන බව පොලිසිය පවසයි.



අදහස් (0)

ලක්ෂ 17ක හෙරොයින් සමඟ හිටපු කාලතුවක්කු සෙබළා අල්ලයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 249 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 181 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 987 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site