IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


ලක්ෂ 12කගේ රැකියා අහිමි වෙලා

අජන්ත කුමාර අගලකඩ

ඇති වී තිබෙන ආර්ථික අර්බුදය හමුවේ ඉදිකිරීම් ක්ෂේත්‍රයට සම්බන්ධ ලක්ෂ 12 ක ගේ පමණ රැකියා අහිමි වී ඇතැයි ඉකුත්දා පැවැති පැවති සාකච්ඡාවකදීයි අනාවරණය වී ඇත.

මේ සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් හා ඉදිකිරීම් ක්ෂේත්‍රයට සම්බන්ධ පිරිසක් අතර ජනාධිපති කාර්යාලයේදී ඉකුත්දා විශේෂ සාකච්ඡාවක් පවත්වා ඇති අතර ඉදිකිරීම් ක්ෂේත්‍රයට සම්බන්ධව ලක්ෂ 12 ක ගේ පමණ රැකියා අහිමි වී ඇතැයි එහිදී අනාවරණය වී තිබේ .

මාර්ග ඉදිකිරීම්, නිවාස ඉදිකිරීම් ආදිය පමණක් නොව,එම ඉදිකිරීම්වලට අවශ්‍ය අමුද්‍රව්‍ය සපයන පුද්ගලයන්ට ද සිය ජීවිකාව අහිමි වී ඇතැයි එම සාකච්ඡාවට සහභාගි වූ පිරිස පෙන්වා දී ඇත.

මේ අතර මාර්ග ඉදිකිරීම් වෙනුවෙන් ගෙවීමට ඇති හිඟ බිල්පත් වල වටිනාකම රුපියල් කෝටි දහදාහක් පමණ වන බව ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා එහිදි ප්‍රකාශ කර ඇතැයි වාර්තා වේ.

මහාපරිමාණ ව්‍යාපෘති කළ කොන්ත්‍රාත්කරුවන් මෙන්ම,ග්‍රාමීය මට්ටමේ සුළු පරිමාණ මාර්ග ව්‍යාපෘති කළ විශාල පිරිසක්ද ඒ අතර සිටින බව ඇමතිවරයා පෙන්වා දී ඇත. එහිදී අදහස් දක්වා ඇති ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිකිරීම් ක්ෂේත්‍රයට සම්බන්ධ පිරිස් පත්ව ඇති තත්ත්වය සම්බන්ධයෙන් කඩිනමින් අවධානය යොමු කළ් යුතු බවපෙන්වා දී ඇත.

 



අදහස් (2)

ලක්ෂ 12කගේ රැකියා අහිමි වෙලා

pakeer Saturday, 22 October 2022 06:05 PM

තව ණය අරන් පරාවල් හදමු. එයාපෝට් හදමු. වරයාවල් හදමු. වැඩකට නැති කුළුණු ගහමු. තේරුමකට නැති සංවර්ධන ප්‍රොජෙක්ට් ගහමු, ඒවායින් කොමිස් ගහමු. නිෂ්පාදනය නම් මොකුත් එපා. මොකද ඒවායින් හරි අමාරුයි කොමිස් ගහන්. අපි ට්‍රයි කරමු නිකම් ඉඳලා සල්ලි හොයන්නේ කොහොමද කියලා. මොනවා හරි පිට රටින් ගෙන්නලා මෙහෙ විකුණලා අන්න ඒවගේ දෙයක්.

:       0       15

de silva Saturday, 22 October 2022 06:21 PM

මුලින්ම සිමෙන්ති මිල අඩු කරලා ටයිල් සහ අනිකුත් ගොඩනැගිලිවලට තිබෙන තහනම ඉවත් කරලා සිටින්න. මේසන් සහ වඩු බාස්ලත් කුලිය අඩු කරලා සිටින්න.

:       0       11

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 249 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 181 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 987 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site