IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


ලක්ෂ දෙකේ කප්පම් සිද්ධියට පොලිසියේ දෙකක් රිමාන්ඩ්

(රෝෂන්තුෂාර)

තරුණියක සමග හෝටලයක සිටි තරුණයකු බිය ගන්වා රුපියල් දෙලක්ෂ හැත්තෑ දහසක අල්ලස් මුදලක් ගත් බව කියන කොට්ටාව පොලිස් ස්ථානයේ හදිසි ඇමතුම් (119) ඒකකයට අනුයුක්තව සේවය කළ පොලිස් සැරයන්, කොස්තාපල් හා සිවිල් පුද්ගලයා ලබන 21 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අද(09) නියෝග කළේය.

කොට්ටාව පොලිස් ස්ථානයේ පොලිස් සැරයන් ආර්.ඩි එම්. වසන්ත, පොලිස් කොස්තාපල් විජය සුන්දරම් හා ගයාන් මදුශංක නමැති සිවිල් පුද්ගලයා මෙසේ රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි.

පැමිණිලිකාර තරුණයා පිළියන්දල ප්‍රදේශයේ හෝටලයක තරුණියක සමග සිටියදී සැකකරුවන් තිදෙනා විසින් සෝදිසියකට ලක් ලක්කර මුදා හැරීමට නම් ලක්ෂ තුනක මුදලක් ලබා දෙන ලෙසට බිය ගන්වා ඇති බව කොමිසම කරුණු ඉදිරිපත් කළේය.

මේ සම්බන්ධයෙන් ළද පැමිණිල්ල අනුව ලක්ෂ දෙකක මුදලක් රාජකාරී නිල ඇඳුමින් සිට තරුණයාගෙන් ලබා ගැනීමේදී සැකකරුවන් අත්අඩංගුවට ගත් බව කරුණු ඉදිරිපත් කළේය.

කොමිසම ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා විමර්ශන අවසන් කර කර අධිකරණයට කරුණු වාර්තා කරන ලෙස දන්වමින් සැකකරුවන් 21 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කළේය.

 



අදහස් (5)

ලක්ෂ දෙකේ කප්පම් සිද්ධියට පොලිසියේ දෙකක් රිමාන්ඩ්

පිටරටවැසියා Thursday, 09 May 2024 10:26 PM

හෙඩිම දැක්ක ගමන් හිතුවෙ ගම්පහ පැත්තෙ කියල, කියවලම බැලුවහම කොළඹ කියලා "තේරුණේ දැන් තමයි"

:       0       2

Perera Friday, 10 May 2024 12:26 AM

පොලිසියක් තිබුනේ ඉස්සර. දැන් ලංකාවේ තියෙන්නේ පොලිස් යුනිෆෝම් දාගත්තු අපරාධකාරයෝ ඉන්න කල්ලියක් .

:       1       3

සෙනෙවිරත්න Friday, 10 May 2024 01:58 AM

නියමයි, පෞද්ගලික නිදහසට බාධා කරන්න පොලීසියට බලය දුන්නෙ කවුද ? දේශබන්දු ඔය ගෝලයො ටික හදාගන්නා තුරු ඔය මෙහෙයුම් සාර්ථක වනවා බොරු.

:       0       2

පියල් විරසිංහ Friday, 10 May 2024 08:25 AM

පලමුව ශ්‍රි ලංකා පොලිසිය නිති ගරුක අයතනයක් කල යුතුයි .රට ගොඩ නගිමට පෙර .

:       1       8

Gamini Friday, 10 May 2024 04:13 PM

කැත වැඩක් නේද? සේවයෙන් නෙරපීම වඩා සුදුසුයි...!

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 472 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 252 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1046 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site