IMG-LOGO

ලංකාවෙි හැදූ’’ බයික්’’ ජනපතිට දෙයි

(අංජුල මහික වීරරත්න)

ශ්‍රී ලංකාවෙි නිෂ්පාදනයක් වන සෙනාරෝ මොටර් කම්පැනි පුද්ගලික සමාගමෙි නවතම මෝටර් සයිකල්  ජනාධිපති කාර්යාලය වෙත පරිත්‍යාග කිරීම අද (15) පෙරවරුවේ සිදු විය.

අපනයන ආර්ථිකයක් කරා යාමේ රජයේ වැඩපිළිවෙළට දායක වෙමින් දේශීය ව්‍යවසායකයින් සහ කර්මාන්තකරුවන් නගා සිටුවීමට ලංකා බැංකුව ක්‍රියාත්මක කර ඇති වැඩසටහන යටතේ මෙම  නිෂ්පාදන කටයුතු කර තිබෙි.

සෙනාරෝ මෝටර් කම්පැනි කළමනාකරණ අධ්‍යක්ෂ රොෂාන් වඩුගේ මහතා  ඊට අදාළ යතුරු සහ ලිපි ලේඛන මෙහිදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට නිල වශයෙන් පිළිගැන්වීය.

කර්මාන්ත අමාත්‍යාංශය  හඳුන්වා දුන් ශ්‍රී ලංකාවේ වාහන නිෂ්පාදනය, එකලස් කිරීම සහ වාහන උපාංග නිපදවීම පිළිබඳව සම්මත මෙහෙයුම් පටිපාටිය (SOP) ට අනුව මෙම නිෂ්පාදන කටයුතු සිදු කර තිබේ. 

ලංකා බැංකුවේ පූර්ණ මූල්‍ය දායකත්වයෙන් සෙනාරෝ මෝටර් කම්පැනි පුද්ගලික සමාගම  රුපියල් බිලියන 1.5ක ආයෝජනයකින් යුතුව යක්කල ප්‍රදේශයේ ඉදිකරන ලද නවතම එකලස් කිරීමේ කර්මාන්ත ශාලාවේ  මුලික අදියරේදී දේශීයව නිපදවන අමතර කොටස් මගින් 35% අගයදාම එකතු කිරීමක් සමගින් මෙම SENARO GN 125 මෝටර් සයිකලය නිෂ්පාදනය කරයි. 



අදහස් (13)

ලංකාවෙි හැදූ’’ බයික්’’ ජනපතිට දෙයි

නිශ්පාදන Wednesday, 15 March 2023 05:27 PM

බලයට ඇවිත් දවසින් නිෂ්පාදන ආර්ථිකයක් ඇතිකරනවා කියලා කෑ ගහන අහවල් පක්ෂෙට කඩේ යන ගොයියෝ මේකෙත් ඇදයක් නොදැක්කොත් මේ ලංකාව නෙමෙයි...

:       27       55

Roshan Wednesday, 15 March 2023 05:30 PM

මාතෘකාව දැක්කාම මම සන්තෝෂ වුණා. ඒත් කියවාගෙන යනකොට තමයි දැක්කේ කොටස් ගෙනත් එකලස් කරනවා කියලා. බජාජ් වාහනත් කොටස් ගෙනත් එකලස් කරනවා. දැන් බජාජ් වාහන වලටත් 35% - 40%අතර දේශීය කොටස් එකතු කරනවා. 100%ක් ශ්‍රී ලාංකික වාහන නිෂ්පාදන පිට රටට යන දවසට අපට සතුටු වෙන්න පුළුවන්...

:       13       47

ajith Wednesday, 15 March 2023 05:39 PM

ශ්‍රී ලංකාවේ නිෂ්පාදිත සහ ශ්‍රී ලංකාවේ එකලස් කරන ලද?

:       5       19

ලංකාපුත්‍ර Thursday, 16 March 2023 07:57 AM

ඇයි අජිත් ලංකාවෙ දේවල් ඔහොම අවතක්සේරුවට ගන්නෙ කියලා මටනම් හිතාගන්න බැහැ .ඔහේ දන්නවද ජපන් නිෂ්පාදන වාහන වලටත් ලංකාවෙ සමහර උපාංග සවිකරනවා කියලා .අනේ මහත්තයෝ මෙහෙම හරි කිරීම අගය කරනවා මිස ඔහොම හෙලා දකින්න එපා. උපන් හැටියේම දරුවෙකුට ඇවිදින්න බැහැ කියලවත් තමුන්නාන්සේ දන්නෙ නැද්ද .මට නම් ඔහේ ගැන හරිම දුකක් තියෙන්නෙ

:       1       6

fairoos Wednesday, 15 March 2023 06:13 PM

මේවා අද, ඊයේ රනිල් ආපු ගමන් වෙච්චි වැඩ නෙවෙයි. නිකන් කාලකණ්ණි දේශපාලකයන්ට කඩේ යන්නේ නැතිව වැඩක් කරගන්න බලන්න.

:       20       35

පිස්සුWednesday, 15 March 2023 07:40 PM

ඔවු ඕකෙ අයිති කෙනාට පිස්සුනෙ මේ කොහෙවත් ඉන්න රනිල්ට ඕක ගිහිං දෙන්න.

:       0       3

සමන් විමල් Wednesday, 15 March 2023 09:04 PM

විමල් වීරවංශ කර්මාන්ත ඇමති කාලේ ආරම්භ කල ව්‍යාපෘතියක්.

:       0       1

Ruhunu Wednesday, 15 March 2023 07:24 PM

වටයක් පදින්න දෙන්නකෝ...!

:       3       10

Lal Wednesday, 15 March 2023 07:42 PM

Good Job

:       2       26

ලුම්බිණි Thursday, 16 March 2023 04:06 AM

මෝටර් සයිකල් ජනාධිපති කාර්යාලය වෙත පරිත්‍යාග කිරීමේ තේරුම මොකද්ද?

:       0       2

Perera Thursday, 16 March 2023 04:37 AM

සුසුකි GN 125 බයික් එක චීනය කොපි කරලා චීනයේ හදනවා.ඒවා කෑලි කරලා ලංකාවට ගෙනල්ලා අපි එකලස් කරලා ශ්‍රී ලංකාවේ නිෂ්පාදිත කියලා පාරම්බානවා

:       2       2

Rata Perata Thursday, 16 March 2023 12:58 PM

නොදකින් .දැන් ඉතින් ඔය බිස්නස් එකත් ඉවරයි .කාලකන්නියෙක් ට නේ පලවෙනි බයික් එකක් දීලා තියෙන්නේ .රටක් කන එකෙක්ගෙන් බයික් කම්පැනියකට මොන සෙතක් ද?

:       2       2

කැලණි හිඟන්නා Thursday, 16 March 2023 02:43 PM

තොපේ ලපකුමාරට දුන්නනම් හරිද?. වරෙ ගොයියො මගෙත් එක්ක කැලණි වටරවුමෙ හිඟාකන්න

:       2       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 343 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 888 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1298 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site