IMG-LOGO

ලංකාවෙි නව දුප්පතුන් පිරිසක් බිහිවෙලා

 

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

ලංකා ආර්ථිකය පහෙන් එකකින් සංකෝචනය වෙමින් තිබෙන බව කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී පාඨලි චම්පික රණවක මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය.

මෙය ඉතා භයානක තත්ත්වයක් යැයිද මෙි නිසා නව දුප්පතුන්  පිරිසක් බිහි වෙමින් තිබෙනවා බවද කීය.

අද ඉන්ධන සඳහා සලාක ක්‍රමයක් තිබෙන අතර  ඉන්ධන පරිභෝජනය සියයට 20-24කින්  අඩු කර තිබෙන බවද මන්ත්‍රීවරයා කීය.විරැකියාව ඉතා බරපතළ ලෙස මතු වී තිබෙන අතර තවමත් එහි නිල සංඛ්‍යා ලේඛනයක් නැතැයි චම්පික රණවක මහතා පැවසීය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ  එළැඹුණ මාණ්ඩලික ගිවිසුම හෙළිදරව් කරන ලෙස පැවසුවත් ඊට විවිධ නීති තර්ක ඉදිරිපත් කර ඇතැයි කී චම්පික රණවක මහතා එමෙන්ම එය ඉතා සංවේදී කාරණයක් බව මතක් කළ යුතු බවද සඳහන් කළේය.

සේවක අර්ථසාධක අරමුදල් මුදල්  රජය ණය ලෙස ලබාගෙන එය කාබාසිනියා  කර තිබෙන බවත් මෙහෙම ගියොත් සේවක අර්ථසාධක අරමුදල බිඳ වැටෙනු ඇති බවත් රණවක මහතා කීය.



අදහස් (3)

ලංකාවෙි නව දුප්පතුන් පිරිසක් බිහිවෙලා

KAUTILLYA Tuesday, 20 September 2022 06:25 PM

අනේ මන්ත්‍රීතුමා ප්‍රශ්න විතරක් වමාරල වැඩක් තියෙයිද? ඒ වට ගැලපෙන, සුදුසු විසදුමි තමුන්නාන්සේගෙ චිත්ත සන්තානේ සටහන් වෙලා ඇතිනේ, ඒවා එළියට දැමිම නං අමිල වටිනා කමක් ලැබෙයි නෙ.

:       0       0

වීරවිජේ Wednesday, 21 September 2022 10:24 AM

බිහිවෙලා?? ඔහෙල එකතු වෙලා බිහිකරල නෙ..

:       0       0

dhamneth Wednesday, 21 September 2022 11:01 AM

මෙ අපෙ රටෙ ජනතවගෙ ඉල්ලන් කෑමක්.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 478 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 640 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 263 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site