( තිළිණි ද සිල්වා )
ශ්‍රී ලංකාවේ ඇතිවූ දේශපාලන අර්බුදය විසදා ගැනීමට කටයුතු කිරීම ඉන්දියාව විසින් පිළිගන්නා බවට ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශයේ නිල ප‍්‍රකාශක රවීෂ් කුමාර් මහතා අද (16) පැවසීය.
වර්තමානයේ ලංකාවේ දේශපාලනයේ ඇතිවී තිබෙන තත්ත්වයන් සම්බන්ධයෙන් මාධ්‍ය කළ විමසීම් වලට පිළිතුරු ලබා දෙමින් එම අමාත්‍යංශය නිල ප‍්‍රකාශකවරයා මේ බව පවසා ඇතැයි ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශ නිල වෙබ් අඩවියේ සඳහන් වේ.
ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශයේ නිල ප‍්‍රකාශක රවීෂ් කුමාර් මහතා එහිදී වැඩිදුරටත් මෙසේද කීය.
‘‘ ඉන්දියාව ශ්‍රී ලංකාවේ ලගම අසල්වැසියා මෙන්ම මිතුරායි. මෙය ශ්‍රී ලංකාවේ සියලූම දේශපාලන පක්ෂ විසින් පරිනතභාවය පෙන්නුම් කිරීමක් මෙන්ම ප‍්‍රජාතන්ත‍්‍රවාදය සම්බන්ධයෙන් කටයුතු කරනු ලබන ආයතන වල දිරිමත්භාවය පෙන්නුම් කිරීමක් ලෙස දැකිය හැකියි.
‘‘ඉදිරියටත් ශ්‍රී ලංකාවේ සහ එරට ජනතාවගේ සංවර්ධන කාර්යන් ඉදිරියට රැගෙන යමින් දෙරටේ සම්බන්ධතාවය තවදුරටත් ශක්තිමත් කර ගැනීමට හැකිවනු ඇති බවට බලාපොරොත්තු වන බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශ නිල ප‍්‍රකාශකවරයා කියා සිටී.
රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්
මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
ලංකාවේ දේශපාලන අර්බුධය විසඳාගැනීමට කටයුතු කිරිම ඉන්දියාව පිලිගනී