IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


ලංකාවේ ආර්ථිකය ටික ටික හරි මඟට

(විමුක්ති එස් රුද්‍රිගු)

ශ්‍රී ලංකාවේ ආර්ථිකය 2024 වසරේදී මන්දගාමී ලෙස ධනාත්මක ආර්ථික වර්ධනයක් කරා ගමන් කිරීම ආරම්භ කරනු ඇතැයි ආසියානු සංවර්ධන බැංකුව සිය නවතම වාර්තාව මගින් පුරෝකථනය කර ඇත.

ශ්‍රී ලංකාවේ දැඩි ආර්ථික අර්බුදය හේතුවෙන් 2022 වසරේ ශ්‍රී ලංකාවේ ආර්ථිකය සැලකිය යුතු මට්ටමකින් හැකිලුනු බවත් මෙම වසරේදීද මෙරට ආර්ථිකය හැකිලෙනු ඇති බවත් ආසියානු සංවර්ධන බැංකුව පෙන්වා දී තිබේ.

ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ සාකච්ඡාවල සහ අත්‍යාවශ්‍ය ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමේදී ශ්‍රී ලංකාව කලානුරූපීව ලබාගන්නා ප්‍රගතිය උපකල්පනය කරමින් මෙම පුරෝකථන ආසියානු සංවර්ධන බැංකුව සිදු කර ඇත.

ආර්ථික අර්බුදය විසඳීම සඳහා ශ්‍රී ලංකාවේ දිගු කාලීන ව්‍යුහාත්මක ගැටලු ආමන්ත්‍රණය කළ යුතු බවත් වැරදි ප්‍රතිපත්තිමය තීරණ සහ තවත් කරුණු ගණනාවක් ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදයට හේතු වූ බවත් ආසියානු සංවර්ධන බැංකුව සඳහන් කර ඇත.

ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදයට හේතු වූ කරුණු ලෙස 2016 සහ 2017 වසරේ ඇති වූ ව්‍යසනයන්, 2018 වසරේ ඇති වූ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා අර්බුදය, 2019 වසරේ සිදු වූ පාස්කු ඉරුදින ප්‍රහාරය, 2020-2021 වසර වල ඇති වූ කොවිඩ් වසංගතය, 2022 වසරේ රුසියානු - යුක්රේන අර්බුදය, 2019 වසරේ සිදු කළ බදු කප්පාදුව ආසියානු සංවර්ධන බැංකුව පෙන්වා දී ඇත.

පසුගිය වසරේ ශ්‍රී ලංකාවේ ආර්ථිකය සියයට 7.8 කින් හැකිලුනු බවත් එය මෙම වසරේදී සියයට 3 කින් හැකිලෙනු ඇති බවත් ඉන් පසුව ලබන වසරේදී සියයට 1.3 ධනාත්මක ආර්ථික වර්ධනයක් ශ්‍රී ලංකාව ලබාගනු ඇති බවත් ආසියානු සංවර්ධන බැංකුව පුරෝකථනය කර තිබේ.

පසුගිය වසරේ සියයට 46.4 ක් වූ මෙරට උද්ධමනය මෙම වසරේදී සියයට 24.6 දක්වා අඩුවනු ඇති බවත් එය ලබන වසරේදී සියයට 5.5 දක්වා අඩුවනු ඇති බවත් ආසියානු සංවර්ධන බැංකුව පුරෝකථනය කර ඇත.



අදහස් (3)

ලංකාවේ ආර්ථිකය ටික ටික හරි මඟට

pakeer Wednesday, 05 April 2023 05:23 PM

මේක නම් මාරයි .කිසිම දෙයක් නොකර බදු වලින්ම හරියන ආර්ථිකේ .නිෂ්පාදන මුකුත් නැහැ .මේවා කියපල්ලා බූරුවන්ට

:       2       3

Akila Wednesday, 05 April 2023 05:55 PM

නිකමට අහන්නේ , ඔකේ සබාපති විදිහට ඉන්නේ අපේ රට බංකොලොත් කරා කියල චෝදනාවක් ලැබූ නායක තුමෙක් නේද ?

:       1       2

ජිනසේන Wednesday, 05 April 2023 06:40 PM

හැබැයි අවුරුදු 75 තිස්සේ රට විනාශ කරපු පක්ෂ දෙකට ආයේ ඡන්දේ නම් දෙන්නේ නෑ.

:       1       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 490 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 259 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1054 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site