IMG-LOGO

ලංකාවට දුන් අනෙක් ඇතුන් ගැනත් තායිලන්තය සොයයි

 

(විමුක්ති එස් රුද්‍රිගු)

තායිලන්තය ශ්‍රී ලංකාවට ලබා දුන් අනෙක් ඇතුන් දෙදෙනාගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව සොයා බැලීමට කාංචනා සිල්පා අර්චා මහත්මිය ප්‍රමුඛ නියෝජිත පිරිස  කටයුතු කරන බව තායිලන්ත මාධ්‍ය වාර්තා කර ඇත.

කතරගම පන්සලකට පරිත්‍යාග කර සිටින ඇතා යහපත් සෞඛ්‍ය තත්ත්වයකින් සිටින බව නියෝජිත පිරිස තහවුරු කර ගෙන ඇති බවත් නුවර පන්සලකට පරිත්‍යාග කර සිටින ඇතා වෙනත් ස්ථානයකට රැගෙන ගොස් ඇති බවත් තායිලන්ත මාධ්‍ය පෙන්වා දී තිබේ. නමුත් පන්සලට පරිත්‍යාග කර සිටින ඇතාගේ සෞඛ්‍ය තත්ත්වය පරික්ෂා කිරීම සඳහා නියෝජිත පිරිස වේලාවක් ලබා ගෙන තිබෙන බව පී.බී.එස් වර්ල්ඩ් වෙබ් අඩවිය වාර්තා කර ඇත.

තායිලන්තය මෙම ඇතා 1979 වසරේදී ශ්‍රී ලංකාවට පරිත්‍යාග කර තිබෙන බව එම වෙබ් අඩවිය පෙන්වා දී තිබේ.එම ඇතා වෙනත් ස්ථානයකට රැගෙන ගියේ සෞඛ්‍ය හේතුන් මත බව පන්සල නියෝජිත පිරිස දැනුවත් කර තිබෙන බව පී.බී.එස් වර්ල්ඩ් වෙබ් අඩවිය සඳහන් කර ඇත.

කෙසේ වෙතත්  මෙම ඇතාද නැවත තායිලන්තය රැගෙන යාමට කටයුතු කරා වී යැයි බියෙන් වෙනත් ස්ථානයකට රැගෙන යාමට කටයුතු කර තිබෙන බව නිල නොලත් ආරංචි මාර්ග තායිලන්ත නියෝජිත පිරිසට දන්වා ඇතැයි  පී.බී.එස් වර්ල්ඩ් වෙබ් අඩවිය පෙන්වා දී තිබේ.

තායිලන්තයට පැමිණි මුතු රාජාගේ සෞඛ්‍ය තත්ත්වය සමස්ථයක් ලෙස යහපත් බවත් මුතු රාජාගේ තුවාල සෑම දිනකම පිරිසිඳු කිරීමට අවශ්‍ය බවත් තායිලන්ත බලධාරීන් ප්‍රකාශ කර ඇත. දින 30 ක නිරෝධායන කාලයකින් පසුව මුතු රජාගේ ඉදිරිපස පදයේ එක්ස්-රේ පරීක්ෂණයක් සිදු කිරීමට අවශ්‍ය බවද තායිලන්ත බලධාරීන් පෙන්වා දී තිබේ.

මුතු රජාගේ බර හේතුවෙන් ඉදිරිපස පදයේ ඇති තුවාලවලින් පසු කාලීනව බලපෑමක් එල්ල විය හැකි බව ප්‍රතිකාර සිදු කරන වෛද්‍යවරිය ප්‍රකාශ කර ඇත.එසේම සමාජ මාධ්‍යවල සිටින වංචාකරුවන් මුතු රාජා වෙනුවෙන් යැයි පවසමින් ක්‍රියාත්මක කරන වංචනික ආධාර වැඩසටහන් වලට නොරැවටෙන ලෙස තායිලන්ත බලධාරීන් මහ ජනතාව දැනුවත් කර තිබේ.



අදහස් (1)

ලංකාවට දුන් අනෙක් ඇතුන් ගැනත් තායිලන්තය සොයයි

පිටිගල මිලානෝ Tuesday, 04 July 2023 02:26 PM

අලි ටික මරාගෙන වැඩ අරන් පිංවතුන්ට අලි පෙන්නා හම්බකරන ධර්මරක්ඛිතානාභිධාන වරුන්ට වඩා ආදෙක් ලූලෙක් ගෙදර ගෙනියන වෙල්විදානේලා ධර්මය රකිනවා.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 9 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 660 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 784 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

Our Group Site