(අංජුල මහික වීරරත්න)
ලංකාවට එන විදේශිකයන් සංචාරය නිමවා ආපසු යන අවස්ථාවේ දී ශ්‍රී ලංකාවේ තේ පිලිබඳ සිහිවටනයක් ගුවන් තොටුපෙළේ දී ලබා දීමට කටයුතු යොදන ලෙස කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා යෝජනාවක් ඉදිරිපත් කළේය.
ඒ අනුව Ceylon Tea නාමය ලොව ප්‍රචලිත කිරීමේ අරමුණින් මෙරටට පැමිණෙන සෑම සංචාරකයකුටම ශ්‍රී ලංකා තේ නිෂ්පාදන අඩංගු සිහිවටනයක් ලබා දීමට නියමිතය.
තේ කර්මාන්තයේ ප්‍රවර්ධනය සඳහා ගත යුතු ක්‍රියාමාර්ග සම්බන්ධව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයේ දී පැවැති සාකච්ඡාවක දී අමාත්‍යවරයා මෙම යෝජනාව ඉදිරිපත් කළේය.
මෙම සාකච්ඡාවට ශ්‍රී ලංකා තේ මණ්ඩලය, කුඩා තේ වතු සංවර්ධන අධිකාරිය, තේ වැවිලි කරුවන්ගේ සංගමයේ නියෝජිතයින් හා තේ කර්මාන්තකරුවන්ගේ නියෝජිතයෝ ඇතුළු පිරිසක් සහභාගී වී සිටියහ.
විදෙස් සංචාරකයන්ට තේ සිහිවටනයක් ලබාදීමේ යෝජනාවට තේ කර්මාන්තකරුවන් ද එකඟතාවය පළ කළ අතර ඊට දායක වීමට සූදානම් බව අමාත්‍යවරයාට දැනුම් දුන්නේය.
මේ සඳහා වැය වන මුදල තේ මණ්ඩලය හා පෞද්ගලික අංශය විසින් දැරීමට නියමිතය.
2025 දෙසැම්බර් මස 18
482
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
253
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1049
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ලංකාවට එන හැම සුද්දාටම ’’තේ සිහිවටනයක්’’
Gniljee Tuesday, 14 May 2024 11:36 AM
හොඳ අදහසක්
සල්මල් Tuesday, 14 May 2024 11:42 AM
ඔය මගුල් වලට කලින් තේ ඉඩම් කුට්ටි කරල විකිණීමත්, මිනිසුන් තේ වගාවෙන් ඉවත්වීමත් ගොවි ගැටළු විසදීමටත් කටයුතු කරන්න.
Prabha Tuesday, 14 May 2024 03:24 PM
දැන් එන්න උන්ට වඩේ එකයි පේන්ටියයි දුන්නාත් ඇති
අරවින්ද මොනරවිල Tuesday, 14 May 2024 03:28 PM
සිලෝන් ටී නාමය ලෝකයේ අමුතුවෙන් ප්‍රචලිත කරන්න ඕනා නැහැ ඒක ලෝකයේ තේ පානය කරන රටවල් දන්නවා. රටේ තේ කර්මාන්තය කඩා වැටිලා ගුණාත්මකව හා ප්‍රමාණාත්මකව, තේ නිෂ්පාදනය පහල බැහැලා තේ වතු අභාවයට යමින් පවතිනවා ඒවට පිළියම් යොදනවා වෙනුවට ලාභ හා බාල ජනප්‍රියත්වය වෙනුවෙන් වැඩ කරනවා.
ඉන්දික Tuesday, 14 May 2024 04:04 PM
හමේ පාට බලලද දෙන්නේ
රේණුක කරුණාරත්න Tuesday, 14 May 2024 04:31 PM
ඔය යන වියදම් අපරාදෙ ,නවීන තාක්ෂණික ක්‍රම සහ වෙනත් රටවල් ක්‍රියාත්මක කරන ක්‍රම බාවිතා කරන්න ,තේ මිලයට ගන්න වැඩි හැකියාවක් ඇති බටහිර රටවල් වල promotions කරන්න