IMG-LOGO

ලාංකිකයන්ට අලුත් හැඳුනුම්පතක් දෙන්න ඉන්දියාවේ සහාය

(අංජුල මහික වීරරත්න)

ලාංකිකයන්ගේ ජනජීවිතයට බලපාන ව්‍යාපෘති තුනක් කඩිනමින් ක්‍රියාත්මක කිරීමට ඉන්දීය රජයේ අවධානය යොමුවී ඇත.

ලාංකිකයන් සඳහා නවීන තාක්ෂණයෙන් යුතු හැදුනුම් පතක් නිකුත් කිරීම, සූර්ය විදුලි බල ව්‍යාපෘතිය හා ඉන්දියාව හා ලංකාව අතර නෞකා සේවයක් ආරම්භ කිරීම එම කඩිනම්  ව්‍යාපෘති තුනයි.

ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සහ ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සාගල රත්නායක මහතා හා ඉන්දියා මහ කොමසාරිස් ගෝපාල් බග්ලේ මහතා අතර පැවැති හමුවකදී මේ පිළිබඳව සාකච්ඡා කොට තිබේ.

මෙරට පුරවැසියන් සඳහා නවීන තාක්ෂණයෙන් යුතු හැදුනුම් පතක් නිකුත් කිරීම සඳහා ආධාර කිරීමට ඉන්දීය රජය  කැමැත්ත පළ කර ඇති අතර ඊට අදාල කටයුතු මේ වන විට සක්‍යතා මට්ටමේ පවතින අතර එය කඩිනමින් ආරම්භ කිරීමට නියමිත බව සාගල රත්නායක මහතා පැවසීය.

උතුරේ දූපත් තුනක සුර්ය විදුලි ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට නියමිත අතර එය කඩිනමින් ආරම්භ කිරීම ගැන ද මෙහිදී සාකච්ඡා කොට තිබේ.

ඊට අමතරව ඉන්දියාවේ රාමේෂ්වරම් හා තලෙයි මන්නාරම අතර පෙරි යාත්‍රා නාවුක සේවයක් ආරම්භ කිරීමට අදාලව ද සාකච්ඡා කොට ඇති අතර කන්කසන්තුරේ හා ඉන්දියාවේ කරිකාල් අතර පෙරි සේවය ආරම්භ කිරීමෙි කටයුතු අවසන් අදියරේ පවතින බව සාගල රත්නායක මහතා සඳහන් කළේය.
මෙම කටයුතු හැකි ඉක්මනින් ආරම්භ කිරීමටද මෙහිදී දෙපාර්ශවය එකඟතාවයට පැමිණ ඇත.

 



අදහස් (9)

ලාංකිකයන්ට අලුත් හැඳුනුම්පතක් දෙන්න ඉන්දියාවේ සහාය

Ahmed (Gulf) Saturday, 06 May 2023 12:44 AM

India will issue to their ROW members too with Sri Lanka ID cards.

:       1       5

don Saturday, 06 May 2023 01:20 AM

ලෝකයේ ඇති දුර්වලම හැඳුනුම්පත තියෙන බංකොළොත් රටක ජනතාවට ලෝකයේ කිසිම රටක නැති වර්ගයේ අති නවීන හැඳුනුම්පතක් ලබා දීමට උත්සාහ කිරීමෙන් ඉන්දියාව මොකක්ද බලාපොරොත්තු වෙන්නේ. සියලුම ජනතාවගේ දත්ත රැස් කිරීම සහ ඉන්න ස්ථාන හඳුනාගැනීමද?

:       0       14

සජඛ Saturday, 06 May 2023 04:31 AM

අපි ඉන්දියාවේ තවත් එක් ප්‍රාන්තයක්ද? නැත්නම් ප්‍රාන්තයක් වෙමින් පවතීද?

:       0       8

Lalla Saturday, 06 May 2023 10:44 AM

කොළඹ සිට ටුටිකෝරින් යාත්‍රාව ආයිත් පටන්ගත්තනම් සංචාරක ව්‍යාප්තියට හොඳ නේද? අපේ සංචාරකයන්ට නාවුක යාත්‍රා පුරුදු නෑ.ඒක පටන්ගන්න උනන්දු කරවන්න.

:       0       7

Buddhika Saturday, 06 May 2023 11:51 AM

තාම ඉන්දියාවේ හැමොටමත් හැඳුනුම්පත් නෑ නේ...

:       0       11

කිරිපුතා Saturday, 06 May 2023 03:40 PM

හපොයි ! එහෙ ඉඳන් නැවුත් ආවොත් එන එන ඉන්දියන් කාරයා මෙහේ නතර වෙලා කාලයක් ගිහින් රටේ පලුුවක් ඉල්ලයි ඔවුන්ගේ කියලා. 2023 ලෝක ජනගහනය අධිකම රට මෙන්ම ඒ ජන ගහනය ලෝකයේ අනෙක් රටවලට හිසරදයක් වෙච්චි රට....

:       0       0

Hafeel Saturday, 06 May 2023 04:51 PM

තාම ඉන්දියාවෙන් පාඩම් ඉගෙන ගත්තු නැති මෝඩ පාලකයින් ඉන්න රටක්... මේ වැඩේ ඉන්දියාවට දෙන්න යන්නේ කොමිස් ගහන්න තමයි. එහෙම නැතුව මේ ලංකාවේ නැති තාක්ෂණ විශේෂඥයෝද? ලෝකයේ භයානකම ත්‍රස්තවාදී සංවිධානය නැත්තටම නැති කළ රණවිරුවන් ඉන්න රටක් මේක... හැබැයි ඉන්දියාව තමයි මේ රටේ ත්‍රස්තවාදය පෝසත් කලේත්...

:       0       2

BamunuarachchiThursday, 11 May 2023 05:17 PM

ලෝකයේ භයානකම ත්‍රස්තවාදී සංවිධානය නැත්තටම නැති කළ රණවිරුවන් ඉන්න රටක් මේක උනාට පට්ට පල් හොරු ඉන්න රටක් . හැඳුනුම්පත් ගහන්න දුන්නොත් රුපියල් 100 ටත් හොර හැඳුනුම් පත ගහවි. එකාට හැඳුනුම්පත් 10-15 තියේවි. ගුවන් බලපත් හොරට ගහ ගන්න රටේ හැඳුනුම් පත් නොගහ ඉඳීද?

:       0       0

gunda Saturday, 06 May 2023 10:33 PM

නූතන ලෝකයේ සිටින ඉතාමත් ආක්‍රමණශීලී මිනිසා... නායකයා වෙන්නේ මෝදි...

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 266 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 794 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1206 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site