(යොහාන් භාසුර)
රට තුළ ඉදිරි දින කිහිපයේදී ඉන්ධන හිඟයක් ඇතිවීමේ අවදානමක් ඇති බවත් ඛනිජ තෙල් සංස්ථාවේ මූල්‍ය අංශයේ උසස් නිලධාරියකුගේ ප්‍රායෝගික නොවන තීරණයක් මෙයට හේතු වී ඇති බවත් ඛනිජ තෙල් බෙදුම් කරුවන්ගේ සංගමය උසස් නිළධාරියෙක් පැවසීය.
ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ අලෙවි කළමනාකරු සහ ප්‍රාදේශීය කළමනාකරුවන් චෙක්පත්වලට ඉන්ධන ඇණවුම් ලබාදෙන බවට පවසා තිබියදී එහි මූල්‍ය අංශය ප්‍රධානියකු මුදල්වලට පමණක් ඉන්ධන ඇණවුම් ලබා දෙන බවට ප්‍රකාශ කිරීම හේතුවෙන් මෙම තත්ත්වය උද්ගත වී ඇති බවත් මේ හේතුවෙන් ඉන්ධන පිරවුම්හල් රැසකට ඇණවුම් ලබා ගැනීමට නොහැකි වී ඇති බවත් එම උසස් නිලධාරියා කීය.
පෝය දිනය වන අද දිනයේ බැංකුව වසා තැබීම හේතුවෙන් මුදල් ලබා ගැනීමේ අපහසුතාවයක් ඇති බව කී එම උසස් නිලධාරියා ඉන්ධන කෝටාව වැඩි කර තිබීම හේතුවෙන් ජනතාව අඛණ්ඩව ඉන්ධන ලබාගැනීමට පැමිණෙන බවද වැඩිදුරටත් සඳහන් කළේය.
2025 දෙසැම්බර් මස 18
470
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
252
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1046
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ලොක්කෙක් තෙල් බෙදීම අවුල් කරලා
ANURA ROME Wednesday, 05 April 2023 12:40 PM
රට අපහසුතාවයට පත් කරන කාලකන්නි මුසල අදම වැඩ බැරි නිලධාරීන් වහාම පන්නා දැමිය යුතුයි
Muhtu Wednesday, 05 April 2023 02:30 PM
මේ තමයි ඉන්ධන වලට තියෙන ඉල්ලුම පාලනය කරන එක විදියක්. දේශපාලන තුරුම්පු නැතුව ලංකාව පාලනය කරන්න බෑ. එච්චරටම රට දුෂිතයි.
අගුපිලගේ Wednesday, 05 April 2023 03:18 PM
අනුමානයක් නැහැ ගොම්මන්පිල උන්නැහේගෙ හෙංචයියෙක් වෙන්න ඇති සමහර දෙනෙකුටවත් මතක ඇතිනේ පසුගිය කාලයේ වෙච්චි දේවල් .
යු.ඡයතිලක Wednesday, 05 April 2023 03:20 PM
සේරම කතාවෙලා ඵක තීරනයක් ගනිල්ලා. මිනිසුන් අමාරුවෙ නොදා
de silva Wednesday, 05 April 2023 07:16 PM
පුද්ගලික සමාගම් තෙල් බෙදාහරින්න ආවට පසු ඔය ප්‍රශ්න නැති වෙනවා