
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
ඇමරිකාව සහ ලංකාව අතර නොවැම්බර් 14 වැනිදා අත්සන් කරන ලද ආරක්ෂක ගිවිසුම පාර්ලිමේන්තුවේ සභාගත කරන්නැයි කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී මුජිබුර් රහුමාන් මහතා:-(ස.ජ.බ)
පාර්ලිමේන්තුවේදී පැවසීය.
"නොවැම්බර් 14 වැනිදා ඇමෙරිකාව සහ ශ්‍රී ලංකාව අතර ආරක්ෂක ගිවිසුමක් අත්සන් කළා.ඇමරිකා තානාපතිනී ජුලී චෑං එක්ස් පනිවිඩයක් නිකුත් කරමින් පවසන්නේ අදාළ ගිවිසුම පාර්ලිමේන්තුවේ ඊයේ සභාගත කර තිබෙන බවයි.නමුත් එවැනි ගිවිසුමක් ඊයේ සභාගත කළේ නැහැ.අද සභාගත කළෙත් නෑ.මේ ගිවිසුම පාර්ලිමේන්තුවේ සභාගත කරනවා යැයි ආණ්ඩුව ජුලී චෑංට කිව්වාද කියා මා දන්නේ නැහැ.ඇමරිකා තානාපතිතුමියට එකක් කියනවා. අපිට එකක් කියනවා.ඒ නිසා මේක සභාගත කරන්නැයි අප ආණ්ඩුවට කියනවා.
ඒ වගේම ජනාධිපති ඊයේ කතාවේදී නොකියූ කරුණු කීපයක් තියෙනවා.රවී සහ ශානිට අපි බයවෙලා යැයි ජනාධිපති කිව්වා.ඔවුන්ට බයවෙලා තියෙන්නේ 2025 ආණ්ඩුව බලයට ගෙනාපු අයම තමයි.නැතුව අපට බයවෙන්න කාරණයක් නෑ.ගෝඨාභය රාජපක්ෂ රවීගෙන්, ශානිගෙන් පලි ගන්න කොට ඊට එරෙහිව හඬ නැගුවේ සජබ මන්ත්‍රීවරු.අනික රවී ශානිලා දැන් ඉන්නෙ කලකිරීමෙන් .ඔවුන් වැරදිකාරයෝ ලෙස නම් කළ මහින්ද දිසානායක ට ඩී.අයි.ජී කම දුන්නා.ජනාධිපතිතුමා දැන් ඒක අපේ පැත්තට හරවන්න බලනවා" යනුවෙන්ද රහුමාන් මහතා කීය.
2025 නොවැම්බර් මස 17
85
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
923
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2540
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
ලංකා- ඇමරිකා ආරක්ෂක ගිවිසුම පාර්ලිමේන්තුවට දෙන්න