IMG-LOGO

2025 සැප්තැම්බර් මස 10 වන බදාදා


ලංකාව කාලගුණ ආපදා වැඩි රටක් ලෙස හඳුනාගනී

(අංජුල මහික වීරරත්න)

ශ්‍රී ලංකා ජාතික දේශගුණික මූල්‍ය උපාය මාර්ගය (2025-2030)ප්‍රකාශයට පත් කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.

ආපදාකාරී කාලගුණික සිදුවීම් වලට ගොදුරු වීමේ වැඩි අවදානමක් සහිත රටක් වශයෙන් ශ්‍රී ලංකාව ගෝලීය දේශගුණික අවදානම් දර්ශකය මඟින් හඳුනාගෙන ඇත.

දේශගුණික විපර්යාස වල අහිතකර බලපෑම් හේතුවෙන් ශ්‍රී ලංකාවේ දළ දේශීය නිෂ්පාදිතයෙන් වාර්ෂිකව 2%කට වඩා අහිමි වනු ඇතැයි පුරෝකථනය කර තිබේ. 

එබැවින්, දේශගුණික ප්‍රතිරෝධී යටිතල පහසුකම් ගොඩ නැගීම සඳහා, ඇමෙරිකා ඩොලර් මිලියන 500කට ආසන්න මුදලක් වාර්ෂිකව රජය විසින් ආයෝජනය කළ යුතු බව ඇස්තමේන්තු කර ඇත. 

දළ දේශීය නිෂ්පාදිතයෙන් 0.5%ක් පමණ වන එම පිරිවැය දැරීමට ජාතික අයවැයට හැකියාවක් නොමැත. එබැවින්, දේශගුණික විපර්යාස අවම කිරීම සහ අනුවර්තනය සඳහා ආර්ථිකයේ විවිධ අංශ විශේෂයෙන්ම, පුනර්ජනනීය බල ශක්තිය, කෘෂි කර්මාන්තය, ධීවර කර්මාන්තය සහ දේශගුණික - ප්‍රතිරෝධී යටිතල පහසුකම් ඔස්සේ සැලකිය යුතු ආයෝජනයක් සිදු කළ යුතුව ඇත.

 ඒ සඳහා සාම්ප්‍රදායික අයවැය මූල්‍ය කරණයෙන් ඔබ්බට අරමුදල් රැස් කිරීමට හැකි වන පරිදි වඩාත් ව්‍යුහගත සහ විධිමත් ප්‍රවේශයක් හඳුන්වා දීම මඟින් දේශගුණික ප්‍රතිරෝධී සහ අඩු කාබන් අංශ වෙත පෞද්ගලික ප්‍රාග්ධනය රැස් කරනු ලබන හරිත ආයෝජන ආකර්ෂණය කර ගත හැකි පරිසරයක් නිර්මාණය කිරීමේ අවශ්‍යතාව පැන නැගී ඇත.

 එවැනි ප්‍රවේශයක් ජාතික දේශගුණික ප්‍රමුඛතා සඳහා සහාය වන අතරම ශ්‍රී ලංකාව එහි ජාත්‍යන්තර දේශගුණික බැඳීම් සඳහා වන කැපවීම තහවුරු කරනු ලබයි. එම කරුණු කෙරෙහි අවධානය යොමු කරමින්, පරිසර අමාත්‍යාංශය, වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව ඇතුළු රාජ්‍ය ආයතන 35 ක දායකත්වයෙන් සහ එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩ සටහනේ සහයෝගයෙන් විදේශ සම්පත් දෙපාර්තමේන්තුව සහ ජාතික ක්‍රම සම්පාදන දෙපාර්තමේන්තුව විසින් " ශ්‍රී ලංකා ජාතික දේශගුණික මූල්‍ය උපාය මාර්ගය (2025-2030)'' සකස් කරනු ලැබ ඇත. 

ඒ අනුව ශ්‍රී ලංකා ජාතික දේශගුණික මූල්‍ය උපාය මාර්ගය (2025-2030) ප්‍රකාශයට පත් කිරීමටත්, ඉන් අනතුරුව, එකී මූල්‍ය උපාය මාර්ග ප්‍රවර්ධනය කරමින්, ක්‍රියාත්මක කිරීමටත් මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍ය වශයෙන් ජනාධිපතිවරයා  ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

 

 



අදහස් (2)

ලංකාව කාලගුණ ආපදා වැඩි රටක් ලෙස හඳුනාගනී

යක්ක පුතා Wednesday, 10 September 2025 10:22 AM

ස්වභාවික අනතුරු නැති ලෝකෙම් උතුම් රට ලංකාවයි ගගා අපිට පොඩි කාලේ කට පාඩම් කරවපු සින්දු වලට මොකද වෙන්නේ දැන් ?

:       0       3

Nandana Wednesday, 10 September 2025 05:27 PM

මේක බොරුවක්... මෙය නිර්දේශ කළ ආයතනයේ නම, රට සදහන් කරන්න.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 669 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17764 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 745 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site