
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගෙ)
සිංහල මාධ්‍යයෙන් සමාජ මාධ්‍යයේ තොරතුරු ලබා ගන්නන්ගෙන් තුනෙන් දෙකක්ම ව්‍යාජ තොරතුරු වලට රැවටී සිටින බවට සමීක්ෂණයකින් තහවුරු වී ඇතැයි ගාල්ල දිස්ත්‍රික් මන්ත්‍රී ගයන්ත කරුණාතිලක මහතා:-(ස.ජ.බ) පාර්ලිමේන්තුවේදී පැවසීය.
අප රටේ ජනමාධ්‍ය වලට බලපාන නීති බොහොමයක් රටේ මාධ්‍ය නිදහස තහවුරු කිරීමට වඩා සීමා කිරීමට යොදා ගන්නවා.ඒ කාරණය මෑතකදී ජාත්‍යන්තර නීති සඟරාව විසින් තහවුරු කර තිබුණා.එදා 2024 වසරේදී අප රටේ මාර්ගගත ආරක්ෂණ පනත සම්මත කළා.ඒ පනතින් මෙරට අන්තර්ජාල සහ සමාජ මාධ්‍ය නිදහසට බරපතළ ලෙස සීමා පැනවූ බවට චෝදනා එල්ල වුණා.
පසුගිය වසරේත් මේ පනත යොදාගෙන අදහස් ප්‍රකාශ කිරීමේ නිදහසට සීමා පැනවූ අවස්ථා ගණනාවක් වාර්තා වුණා.මේ පනත අහෝසි කරන බවට ඔබේ ආණ්ඩුව පොරොන්දු වුණත් දැන් ඒ ගැන වචනයක්වත් කතා කරන්නේ නැහැ.ලයින් ඒෂියා සංවිධානය මගින් පසුගිය වසරේ කළ සමීක්ෂණයකින් තහවුරු වන්නේ සිංහල මාධ්‍යයෙන් සමාජ මාධ්‍යයේ තොරතුරු ලබා ගන්නන්ගෙන් තුනෙන් දෙකක්ම ව්‍යාජ තොරතුරු වලට රැවටී සිටින බවයි.
මේ තත්ත්වය රටේ ජනතාවට නිවැරදි තීරණ ගැනීමට අහිතකර ලෙස බලපා තිබෙනවා.එය රටේ ප්‍රජාතන්ත්‍රවාදයට බරපතළ තර්ජනයක්.ඒ නිසා රටේ තරුණ පරපුර මෙන්ම ළමයින් මාධ්‍ය සාක්ෂරතාවයෙන් බලාත්මක කිරීමේ වැඩසටහනක් වහා ඇරැඹිය යුතු බවට මා යෝජනා කරනවා යනුවෙන්ද කරුණාතිලක මහතා කීය.
2025 නොවැම්බර් මස 21
54
0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
157
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
1009
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
ලංකාවේ තුනෙන් දෙකක් බොරු තොරතුරු වලට රැවටිලා